උන්වහන්සේ තුන්වෙනි මුද්‍රාව කැඩූ කල තුන්වෙනි ජීවමාන සත්වයා කථාකොට: එන්නැයි කියනවා ඇසීමි. එවිට කළු අශ්වයෙක් දුටිමි; ඌ පිට හුන් තැනැත්තාගේ අතේ තරාදියක් තිබුණේය.
සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උදුනක් මෙන් රත්ව තිබේ.
නුඹ කන්නාවූ නුඹේ කෑමද දවසට බර ගණනින් ෂෙකෙල් විස්සක්ව තිබෙන්ට ඕනෑය. වරින් වර ඒවා කන්න.
තවද උන්වහන්සේ මට කියනසේක්: මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ට කෑමද වතුරද නැතුව ගොස්; එකිනෙකා සමඟ විස්මයට පත්ව, තමුන්ගේ අයුතුකම නිසා ක්ෂයවී යන පිණිස,
මා විසින් නුඹලාගේ කෑම නමැති රුකුල බින්ද විට ස්ත්‍රීහු දසදෙනෙක් එක් උදුනෙක්හි නුඹලාගේ රොටි පුලුස්සා කිරමින් නැවත භාරදෙන්නෝය. නුඹලා කා සෑහීමට නොපැමිණෙන්නහුය.
පළමුවෙනි රථයට රතු අශ්වයෝද දෙවෙනි රථයට කළු අශ්වයෝද,
එහි කළු අශ්වයන් බැඳ සිටින රථය උතුරු දේශයට පිටත්ව යයි; සුදු අශ්වයෝ එවුන් පස්සේ ගියෝය; ලප ඇති එවුවෝ දකුණු දේශයට ගියෝය.
මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත.
එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: නොහඬන්න. මෙන්න, පොත සහ එහි මුද්‍රා සත දිගඅරින ලෙස යූදාගේ ගෝත්‍රයෙන්වූ සිංහයාද දාවිත්ගේ මුලදවූ තැනන්වහන්සේ ජයගත්සේකැයි මට කීවේය.
ඔව්හු අලුත් ගීතිකාවක් ගායනාකරමින්: ඔබ පොත ගන්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ මරනු ලැබ, සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනඟගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන්වහන්සේට මිලේට ගෙන,
තවද බැටළුපැටවාණන් මුද්‍රා සතෙන් එකක් කැඩූ කල, මම බැලුවෙමි, ජීවමාන සත්වයන් සතරදෙනාගෙන් එක්කෙනෙක් ගර්ජනා ශබ්දයකින් මෙන් කථාකොට: එන්නැයි කියනවා ඇසීමි.