පොත දිගඅරින්ටත් ඒක බලන්ටත් වටින්නාවූ කිසිවෙක් සම්බ නුවූ බැවින් මම බොහෝකොට හැඬුවෙමි.
ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනවා මම දුටිමි, හොරණෑවක ශබ්දය මෙන් මා සමඟ කථාකරනවා මා ඇසූ පළමුවෙනි හඬද: මෙහි නැගී එන්න, මේ දේවලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමියි කීය.
නුමුත් ස්වර්ගයෙහි හෝ පොළොවෙහි හෝ පොළොවෙන් යට හෝ පොත දිගඅරින්ටවත් ඒක බලන්ටවත් පුළුවන්වූ කිසිවෙක් නොසිටියේය.
එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: නොහඬන්න. මෙන්න, පොත සහ එහි මුද්‍රා සත දිගඅරින ලෙස යූදාගේ ගෝත්‍රයෙන්වූ සිංහයාද දාවිත්ගේ මුලදවූ තැනන්වහන්සේ ජයගත්සේකැයි මට කීවේය.