මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.
එසේම නුඹලා මේ සියල්ල දකින කල, උන්වහන්සේ දොරටු සමීපයෙහිම බවත් දැනගන්න.
එසේ නොව: මට කෑම බීම පිළියෙළකොට, ඉඟටිය බැඳ, මා විසින් කනබොන තුරු මට උපස්ථානකරන්න, ඉන්පසු කන්න බොන්නැයි කියන්නේ නැද්ද?
ඔහුට දොරටු පාලයා දොර හරියි; බැටළුවෝ ඔහුගේ හඬ අසති. ඔහු තමාගේම බැටළුවන්ගේ නම් කියා අඬගසා උන් පිටතට ගෙනයයි.
සහෝදරයෙනි, නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස එකිනෙකාට විරුද්ධව නොකොඳුරන්න. බලව, විනිශ්චයකාරයාණන්වහන්සේ දොරකඩ ඉදිරියෙහි සිටිනසේක.
තවද: බැටළු පැටවාණන්ගේ සරණමංගල්‍ය කෑමට කැඳවනලද්දෝ වාසනාවන්තයෝය කියා ලියන්නැයි ඔහු මට කීවේය.