මේ මහත් නුවරට සමාන නුවර කොයි එකදැයි කියමින් මොරගැසුවෝය.
ඇගේ උල්පත් වියළවන්නෙමි. බබිලෝනිය වැසියෙක් නැතුව ජරාවාස ගොඩවල්ද සිවලුන්ගේ වාසයක්ද විස්මයක්ද කවටකමක්ද වන්නීය.
මහ සර්පයා මෘගයාට බලය දුන් නිසා ඔව්හු මහ සර්පයාට නමස්කාරකළෝය; ඔව්හු මෘගයාටත් නමස්කාරකොට: මෘගයාට සමාන කවුද? ඌ හා සමඟ යුද්ධකරන්ට කවරෙකුට හැකිදැයි කීවෝය.
ඔවුන්ගේ වේදනාව නමැති ධූමය සදාකාලේටම නගින්නේය; මෘගයාටත් උගේ රූපයටත් නමස්කාරකරන්නෝද ඔහුගේ නාමයේ ලකුණ ලබන්නාද දිවා රෑ දෙක්හි නිවාඩු නොලබන්නෝයයි මහත් ශබ්දයකින් කීය.
ඒ මහත් නුවරද තුන් කොටසකට බෙදනලද්දේය, ජාතීන්ගේ නුවරවල් වැටුණේය. දෙවියන්වහන්සේගේ උදහසේ සැරකම නමැති මුද්‍රිකපාන කුසලාන මහත් බබිලෝනියට දෙන පිණිස ඈ දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබුවාය.
අහෝ, අහෝ, මහත් නුවර, සිහින් රෙදිද රත්නිල් සහ රක්ත වස්ත්‍රද පැළඳ රනින්ද අනර්ඝ මැණික් සහ මුතුවලින්ද සැරසුණාවු නුවර!