ඉන්පසු මහත් බලය ඇතුව වෙන දේවදූතයෙක් ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ තේජසින් පොළොව ආලෝකවිය.
එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස නැගෙනහිර දිශාවෙන් එනවා දුටුමි. උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොවද උන්වහන්සේගේ තේජසින් බැබළුණේය.
මක්නිසාද ආකාශයේ එක් දිසාවකින් නික්මෙන විදුලිය ආකාශයේ අනික් දිසාව දක්වා බැබළෙන්නාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයා තමන් දවසේදී වන්නේය.
එවිට නොපනත්කම් කරන්නා එළිදරව්වන්නේය. ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ මුඛයේ හුස්මෙන් ඔහු නසා, තමන්වහන්සේගේ ඊමේ ප්‍රකාශවීමෙන් නාස්තිකරනසේක.
තවත් බලවත් දේවදූතයෙක් වලාකුළක් පැළඳගෙන, තමාගේ හිසේ දේදුන්නක් ඇතුව, ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ මුහුණ ඉර මෙන්ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන්ද විය;
පාත්‍රා සත දැරූ දේවදූතයන් සත්දෙනාගෙන් එක්කෙනෙක් ඇවිත් මා සමඟ කථාකොට: මෙහි එන්න, බොහෝ ජල පිට හිඳින මහත් වේශ්‍යාවගේ විනිශ්චය නුඹට පෙන්වන්නෙමි;
දේවදූතයා මට කථාකොට: නුඹ පුදුමවුණේ මක්නිසාද? ස්ත්‍රියගේද ඈව උසුලාගෙන යන හිස් සතකුත් අං දසයකුත් ඇති මෘගයාගේද රහස නුඹට කියමියි මට කීය.
දෙවියන්වහන්සේගේ තේජසින් නුවර ආලෝකවූ බැවින්ද බැටළුපැටවාණන් එහි පහන වන බැවින්ද එහි බැබළීමට සූර්යයාවත් චන්ද්‍රයාවත් ඕනෑ නැත.