ඒ (හිස්) රජවරු සත්දෙනෙක්ය; පස්දෙනෙක් වැටී ගියෝය, එක්කෙනෙක් දැන් සිටින්නේය, අනික් තැනැත්තා තවම ආවේ නැත; ඔහු ආවාම ස්වල්ප කාලයක් පවතින්ට ඕනෑය.
තවද ඒ දවසෙහි එක රජෙකුගේ දවස් මෙන් තීර් අවුරුදු සැත්තෑවක් මතක නැතිවන්නේය. අවුරුදු සැත්තෑවකට පසුව වේශ්‍යාවගේ ගීතිකාව මෙන් තීර්ට සිදුවන්නේය.
තවද: නුඹ බොහෝ සෙනඟද ජාතීන්ද භාෂාවන්ද රජුන්ද කෙරෙහි නැවතත් අනාගතවාක්‍ය කියන්ට ඕනෑයයි මට කියනලද්දේය.
ඌ පළමුවෙනි මෘගයාගේ මුළු බලය ඌ ඉදිරියෙහි පවත්වමින්, තමාගේ මරණීයවූ තුවාලයෙන් සුවවුණ පළමුවෙනි මෘගයාට නමස්කාරකරන්ට පොළොවටද එහි වැසියන්ටද සලස්වන්නේය.
මැරෙන තරමට උගේ හිස්වලින් එකකට තුවාලවී තිබෙන්නාක්මෙන් පෙනුණේය; නුමුත් උගේ මරණීය තුවාලය සුවවිය. මුළු ලෝකයා මෘගයා පස්සේ පුදුමව ගියෝය;
සිටියාවූ දැන් නැත්තාවූ මෘගයාම අටවෙනියෙක්ව සත්දෙනාගෙන් එක්කෙනෙක්ව සිටින්නේය; ඔහු විනාශයට යන්නේය.
නුඹ දුටු අං දසයද මෘගයාද වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.