එසේය, සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨයයි කියනවා පූජාසනයෙන් මට ඇසුණේය.
එවිට සෙරාප්වරුන්ගෙන් එක්කෙනෙක් අඬුවෙන් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් අතින් රැගෙන මා ළඟට පියාසරකර ඇවිත්,
උන්වහන්සේ හණ වස්ත්‍ර හැඳගෙන සිටි මනුෂ්‍යයාට කථාකොට: නුඹ කෙරුබ්ට යටින් කරකැවෙන චක්‍ර අතරට ඇතුල්වී, කෙරුබ්වරුන් අතරේ තිබෙන ගිනි අඟුරුවලින් නුඹේ දෑත පුරවාගෙන, නුවර පිට විසුරුවන්නැයි කීසේක. ඔහු මා ඉදිරියෙහි ඇතුල්වුණේය.
ඒ කෙරුබ් තෙමේ කෙරුබ්වරුන්ට අතරේ තිබුණු ගින්නට තමාගේ අත කෙරුබ්වරුන් අතරෙන් දිගුකොට එයින් රැගෙන, හණ වස්ත්‍ර හැඳගන සිටි තැනැත්තාගේ දෑතට දුන්නේය, ඔහුද අරගන පිටතට ගියේය.
මම අල්ඵා සහ ඕමෙගාද වෙමියි සිටින්නාවූ, සිටියාවූ, මතු සිටින්නාවූ, සර්වපරාක්‍රමවූ, ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
යමෙක් වහල්කමට නියම නම්, ඔහු වහල්කමට යන්නේය. යමෙක් කඩුවෙන් මරන්නේ නම්, ඔහු කඩුවෙන් මරනු ලබන්ට ඕනෑය. මෙහි ශුද්ධවන්තයන්ගේ ඉවසීමත් ඇදහිල්ලත් ඇත්තේය.
ඔහුත් දෙවියන්වහන්සේගේ කෝපය නමැති කුසලානට අමිශ්‍රව වත්කරනලද උන්වහන්සේගේ උදහස නමැති මුද්‍රිකපානය බොන්නේය; ඔහු ශුද්ධවූ දේවදූතයන් ඉදිරියෙහිද බැටළුපැටවාණන් ඉදිරියෙහිද ගින්නෙනුත් ගෙන්දගම්වලිනුත් වධකරනු ලබන්නේය.
ගින්න කෙරෙහි බලය ඇත්තාවූ තවත් දේවදූතයෙක් පූජාසනයෙන් පිටත්ව ඇවිත්, මුවහත් දෑකැත්ත ඇතුව සිටිය තැනැත්තාට මහත් හඬකින් මොරගසා: නුඹේ මුවහත් දෑකැත්ත යොමුකොට පොළොවේ මිදිවැලේ මිදිපොකුරු කපා රැස්කරන්න; මක්නිසාද මිදිපල හොඳට ඉදී තිබේයයි කීය.
මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨය; මක්නිසාද ඇගේ වේශ්‍යාකමින් පොළොව කිලුටුකළ මහත් වේශ්‍යාව උන්වහන්සේ විනිශ්චයකළසේක, තමන්ගේ මෙහෙකරුවන්ගේ ලේ ගැන ඈට විපාක දුන්සේකැයි කීවෝය.
උන්වහන්සේ පස්වෙනි මුද්‍රාව කැඩූ කල, දෙවියන්වහන්සේගේ වචනය නිසාද තමුන් දැරූ සාක්ෂිය නිසාද මරනු ලැබූවන්ගේ ආත්ම පූජාසනය යට සිටිනවා දුටිමි.