එවිට පීඩා සත ඇතුව සිටියාවූ දේවදූතයන් සත්දෙනා පවිත්‍රවූ දීප්තිමත්වූ වස්ත්‍ර පැළඳ, රන් පටිවලින් තමුන්ගේ ළය බැඳගෙන, දේවමාළිගාවෙන් පිටත්ව ආවෝය.
මාගේ ඇස් ඔසවා බලා, මනුෂ්‍යයෙක් සිහින් හණ රෙදි ඇඳ, ඌපාස්හි පිරිසිදු රනින් ඉඟටිය බැඳගන සිටිනවා දුටිමි.
තවද ඔවුන් ඒ ගැන වියවුල්ව සිටියදී, බලව, දිලියෙන වස්ත්‍ර ඇන්දවූ මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටියෝය.
ඒ පහන් රුක් මැද තමන්ගේ පාදය දක්වා වස්ත්‍රයක් පැළඳ රන් පටියකින් ළය බැඳගෙන සිටි මනුෂ්‍ය පුත්‍රයෙක් වැනිවූ කෙනෙක් ද දුටිමි.
වෙන දේවදූතයෙක්ද දේවමාළිගාවෙන් නික්ම ඇවිත්, වලාකුළ පිට වැඩහුන් තැනන්වහන්සේට මහත් ශබ්දයකින් මොරගසා: ඔබවහන්සේගේ දෑකැත්ත යොමා කැපුවමැනව. මක්නිසාද පොළොවේ ගොයම් පැසී තිබෙන බැවින් කපන කාලය පැමිණ තිබේයයි කීය.
තවත් දේවදූතයෙක් ස්වර්ගයෙහි තිබෙන දේවමාළිගාවෙන් පිටත්ව ආවේය, ඔහුටත් මුවහත් දෑකැත්තක් තිබුණේය.
ස්වර්ගයෙහි මහත්වූ විස්මපත්වූ තවත් පුදුමයක් දුටිමි. එනම් දේවදූතයන් සත්දෙනෙක් පීඩා සතක් රැගෙන සිටියෝය, එයින් දෙවියන්වහන්සේගේ උදහස කෙළවරවන බැවින් ඒවා අන්තිම පීඩාය.
දීප්තිමත්වූ පවිත්‍රවූ සිහින් වස්ත්‍රයෙන් පැළඳෙන්ට ඈට ලැබුණේය. සිහින් වස්ත්‍ර නම් ශුද්ධවන්තයින්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාය.