තවද බැටළුපැටවාණන්ද උන්වහන්සේ සමඟ එක්ලක්ෂක් සතළිස් සාරදහස් දෙනෙක්ද සියොන් කන්දේ සිටිනවා දුටිමි, උන්වහන්සේගේ නාමයද උන්වහන්සේගේ පියාණන්ගේ නාමයද ඔවුන්ගේ නළල්වල ලියා තිබුණේය.
මම සියොන්නම් මාගේ පිරිසිදු කන්ද මතුයෙහි මාගේ රජ්ජුරුවන් පිහිටුවීමියි කියනසේක.
නුමුත් සියොන්: යෙහෝවඃවහන්සේ මා අත්හැරියසේක, ස්වාමීන්වහන්සේ මා මතකනැතිකළසේකැයි කීවාය.
තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ: යෙරෙමියා නුඹට පෙනෙන්නේ කුමක්දැයි ඇසීය. මමද: කොට්ටම්බා අත්තක් මට පෙනේයයි කීමි.
මා බැලූ විට හුළං කුණාටුවක් උතුරෙන් එනවා දුටිමි, මහත් වලා පටලයක්ද ඇවිළීයන ගින්නක්ද ඒ වටකර දීප්තිමත්කමක්ද දිලිහෙන පිත්තල මෙන් ගින්න මැද සිට බැබළීමක්ද වූයේය.
තවද මම බැලූ විට, කෙරුබ්වරුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයෙහි නීලමාණික්‍ය වැන්නක් ඔවුන්ට ඉහළින් තිබෙනවා දුටිමි. එය සිංහාසනයක සමානත්වයේ පෙනීමක් මෙන් ඔවුන්ට උඩින් පෙනුණේය.
මම බැලූ විට මෙසේ දුටිමි: කෙරුබ්වරුන් ළඟ රෝද සතරක් එනම් එක කෙරුබ් කෙනෙක් ළඟ එක රෝදයක්ද තවත් කෙරුබ් කෙනෙක් ළඟ තවත් රෝදයක්ද වශයෙන් තිබුණේය. රෝදවල පෙනීමද රන්කාන්තියක දිලිහීම වාගේය.
මා බැලූ කල මා දෙසට අතක් දිගුකර තිබෙනවා දුටිමි; බලව, අකුළන පොතක් එහි තිබුණේය;
එවිට ඔහු උතුරු දොරටුවේ මාර්ගයෙන් ගෘහයේ ඉස්සරහ පැත්තට මා පැමිණෙවුවේය; මම බැලූ විට ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ස්වාමීන්වහන්සේගේ තේජසින් පිරී තිබෙන බව දැක මුහුණින් වැටුණෙමි.
උන්වහන්සේ මළුවේ දොරකඩට මා ගෙනාසේක; මම බැලූ විට භිත්තියේ සිදුරක් තිබෙනවා දුටිමි.
ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නුවර මුළුල්ලෙහි, එනම් යෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගාන මනුෂ්‍යයන්ගේ නළල්වල ලකුණක් කරන්නැයි කීසේක.
එකල දානියෙල් වන මම බලා, තවත් දෙදෙනෙක්, එක්කෙනෙක් ගඟ මෙගොඩද එක්කෙනෙක් ගඟ එගොඩද, සිටිනවා දුටිමි.
තවද ස්වාමීන්වහන්සේගේ නම කියා යාච්ඤාකරන කවුරුනුමුත් ගැළවෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ කී ලෙස, ගැළවෙන අයද ඉතිරි අය අතරේ ස්වාමීන්වහන්සේ කැඳවන අයද සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් සිටිනවා ඇත.
උන්වහන්සේ: ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක්දැයි මාගෙන් ඇසූසේක. මමද: ඉදුණු ඵල පෙට්ටියක්යයි කීවෙමි. එකල ස්වාමීන්වහන්සේ: මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට අන්තිමය පැමිණ තිබේ; මම නැවත තවත් ඔවුන්ට අච්චු නොකර නොසිටින්නෙමි.
මම කොරගසගසා යන්නන් ඉතුරුවෙන්ට සලස්වා, ඈත්කරනු ලැබූ අය බලවත් ජාතියක් කරන්නෙමි. ස්වාමීන්වහන්සේ සියොන් කන්දේ ඔවුන් කෙරෙහි මෙතැන් පටන් සදාකාලයටම රජකම්කරනසේක.
නුඹට පෙනෙන්නේ මොකදැයි මාගෙන් ඇසුවේය. මමද: මුළුමනින්ම රන්මයවූ පහන් රුකක් මට පෙනෙයි; ඒකේ මුදුනේ ඒකේ භාජනයත් ඒක උඩ ඒකේ පහන් සතකුත්, ඒක උඩ තිබෙන පහන්වලට නළ සතකුත්,
තවද යමෙක් මනුෂ්‍යයන් ඉදිරියේදී මා පිළිගන්නේ ද, මනුෂ්‍ය පුත්‍රයාත් දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියේදී ඔහු පිළිගන්නේය.
කෙසේදයත්: පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද සියොනෙහි තබමි. උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියා තිබෙන ලෙසය.
තවද සුදු වලාකුළකුත්, ඒ වලාකුළ පිට, තමාගේ හිසේ රන් ඔටුන්නක් සහ තමාගේ අතේ මුවහත් දෑකැත්තක්ද ඇත්තාවූ මනුෂ්‍ය පුත්‍රයෙක් වැනිවූ කෙනෙක් වැඩඉන්නවාත් දුටිමි.
ඔව්හු සිංහාසනය ඉදිරියෙහිද ජීවමාන සත්වයන් සතරදෙනා සහ වැඩිමහල්ලන් ඉදිරියෙහිද අලුත් ගීතිකාවක් ගායනාකළෝය. ඒ ගීතිකාව එක්ලක්ෂ සතළිස් සාර දහසට, එනම් පොළොවෙන් මිලේටගනු ලැබුවාවූ අයින්ට මිස අන් කිසිවෙකුට ඉගෙනගන්ට නොහැකිවිය.
ඉන්පසු ස්වර්ගයෙහි තිබෙන සාක්ෂි මණ්ඩපයේ දේවමාළිගාව ඇරී තිබෙන බව දුටිමි.
ඔව්හු උන්වහන්සේගේ මුහුණ දකින්නෝය; උන්වහන්සේගේ නාමයද ඔවුන්ගේ නළල්වල තිබෙන්නේය.
ජයගන්නා මාගේ දෙවියන්වහන්සේගේ මාළිගාවෙහි කණුවක් කරන්නෙමි, ඔහු තවත් එතැනින් පිටතට නොයන්නේය. මාගේ දෙවියන්වහන්සේගේ නාමයද මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන්වහන්සේගේ නුවරේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි.
ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනවා මම දුටිමි, හොරණෑවක ශබ්දය මෙන් මා සමඟ කථාකරනවා මා ඇසූ පළමුවෙනි හඬද: මෙහි නැගී එන්න, මේ දේවලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමියි කීය.
එවිට සුදුමැලි අශ්වයෙක් සිටිනවා දුටිමි. ඌ පිට හුන් තැනැත්තාගේ නාමය මරණයය; පාතාලයද ඔහු අනුව ගියේය. කඩුවෙනුත් සාගතයෙනුත් වංසගතයෙනුත් පොළොවේ වනමෘගයන් ලවාත් මරන්ට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි ඔවුන්ට බලය දෙනලද්දේය.