ඈ සියලු ජාතීන් යදණ්ඩකින් ආණ්ඩුකරන පුත්‍රයෙකු, පිරිමි දරුවෙකු, බිහිකළාය. ඇගේ දරුවා දෙවියන්වහන්සේද උන්වහන්සේගේ සිංහාසනයද වෙතට ඇදගනු ලැබුවේය.
ප්‍රසව වේදනාව පැමිණෙන්ට පළමුවෙන් ඈ බිහිකළාය; ඈට විළිරුජාව අල්ලන්ට පළමුවෙන් ඈ පිරිමි දරුවෙකු ප්‍රසූතකළාය.
එබැවින් ස්වාමීන්වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක; බලව, කන්‍යාව ගර්භීණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය.
අහෝ පසුබටවන දුව, නුඹ කොපමණ කල් ඔබමොබ යන්නෙහිද? මක්නිසාද ස්වාමීන්වහන්සේ පොළොවෙහි අමුතු දෙයක් මවා තිබේ: ස්ත්‍රිය පුරුෂයා කෙරෙහි ඇලුම්ව බැඳෙන්නීය.
එබැවින් බිහිකරන තැනැත්තියගේ ප්‍රසූත කාලය දක්වා උන්වහන්සේ ඔවුන් පාවාදෙනවා ඇත. උන්වහන්සේගේ සහෝදරයන්ගෙන් ඉතිරි අයද ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට හැරී එනවා ඇත.
නුමුත් ඈ පුත්‍රයෙකු බිහිකරන තුරු ඔහු ඈ නොහැඳින්නේය. ඔහු උන්වහන්සේට යේසුස් යන නාමය තැබීය.
මෙසේ ස්වාමිවූ යේසුස්වහන්සේ ඔවුන්ට කථාකළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි වාඩිවූසේක.
ක්‍රිස්තුස්වහන්සේ තුළවූ මනුෂ්‍යයෙක් දනිමි, ඔහු දසසතර අවුරුද්දකට ප්‍රථම තුන්වෙනි ස්වර්ගයට පවා ඇදගන්නාලද්දේය. එසේවුණේ ශරීරයෙන් යුක්තවද ශරීරයෙන් වියුක්තවද කියා නොදනිමි; දෙවියන්වහන්සේ දන්නාසේක.
(මෙසේ වුණේ ශරීරයෙන් යුක්තවද ශරීරයෙන් වියුක්තවද නොදනිමි; දෙවියන්වහන්සේ දන්නාසේක).
මෙහි නැගී එන්නැයි ස්වර්ගයෙන් තමුන්ට කියන මහත් හඬක් ඔවුන්ට ඇසුණේය. ඔව්හුද වලාකුළෙන් ස්වර්ගයට නැගී ගියෝය; ඔවුන්ගේ සතුරෝද ඔවුන් දුටුවෝය.
තමා පොළොවට හෙළනු ලැබූ බව මහ සර්පයා දුටු කල, හෙතෙම පිරිමි දරුවා බිහිකළ ස්ත්‍රීට පීඩාකෙළේය.
ඈ ගර්භිණීව සිටියාය. ඈ විළිරුජා විඳිමින් ප්‍රසව වේදනාවෙන් යුක්තව මොරගසන්නීය.
ජාතීන්ට පහරදෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරනසේක. උන්වහන්සේ සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස නමැති මුද්‍රිකපැස මඩිනසේක.