එබැවින් නුඹ දුටු දේද දැන් තිබෙන දේද මින්පසු සිදුවන්ට තිබෙන දේද වන,
ස්වාමීන්වහන්සේ මට උත්තරදෙමින්: දර්ශනය කියවන්නා ඉක්මනින් කියවන්ට පුළුවන් වන පිණිස එය ලෑලිවල පැහැදිලිලෙස ලියන්න.
ඉක්මනින් වෙන්ට ඕනෑ දේවල්, එනම් දෙවියන්වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේට දුන්නාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්කිරීමය. උන්වහන්සේ තමන් දූතයා කරණකොටගෙන තමන් මෙහෙකරුවූ යොහන්ට එය දන්වා එවූසේක.
එවිට: නුඹ දකින දේ පොතක ලියා, එපීස, ස්මර්ණ, පර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලෙදල්පියා, ලෙවාදික යන මේ සභා හතට අරින්නැයි කියන්නාවූ හොරණෑවක මෙන් මහත් ශබ්දයක් මා පස්සෙන් ඇසීමි.
එකල මා සමඟ කථාකළ ශබ්දය කිමෙක්දැයි බලන්ට හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් සතක්ද,
ඔහු මොරගැසූ කල ගර්ජනා සතද තමුන්ගේ හඬ පැවැත්වූවෝය. ඒ ගර්ජනා සත ශබ්ද පැවැත්වූ කල මම ලියන්ට හැදුවෙමි. එවිට: ගර්ජනා සත ශබ්ද පවත්වා කී දේ නොලියන්න, එය මුද්‍රාකරන්නැයි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය.
තවද: බැටළු පැටවාණන්ගේ සරණමංගල්‍ය කෑමට කැඳවනලද්දෝ වාසනාවන්තයෝය කියා ලියන්නැයි ඔහු මට කීවේය.