රජු සහ ඔහුගේ මන්ත්‍රීන් විසින් යෙරුසලමෙහි වාසස්ථානය ඇති ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට කැමැත්තෙන් පිදූ රිදීද රන්ද මුළු බබිලෝනි රටේ නුඹට ලැබෙන රන් රිදී සියල්ලද,
එවිට පිය වංශවල අධිපතීහුද ඉශ්‍රායෙල් ගෝත්‍රවල අධිපතීහුද සහස්‍රාධිපතීහුද ශතාධිපතීහුද රජුගේ වැඩවල අධිපතීහුද කැමැත්තෙන්ම ඔප්පුකරමින්
නුමුත් ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද උන්වහන්සේ දරන්ට අනවකාශව තිබෙද්දී උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට කාට පුළුවන්කම තිබේද? උන්වහන්සේ ඉදිරියෙහි සුවඳදුම් ඔප්පුකිරීමට මිස උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මම කවරෙක්ද?
එවිට බොහෝ දෙනෙක් ස්වාමීන්වහන්සේට පඬුරුද යූදාහි රජවූ හෙසකියාට අනර්ඝ දේද යෙරුසලමට ගෙනාවෝය. එතැන් පටන් ඔහු සියලු ජාතීන් ඉදිරියෙහි උතුම්ව සිටියේය.
නුමුත් මම ඔබට නිවාස ගෘහයක්ද සදාකල්ම ඔබට වැඩසිටීමට ස්ථානයක්ද ගොඩනැගුවෙමියි කීවේය.
නුමුත් මාගේ නාමය තැබීමට යෙරුසලමද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි ප්‍රධානියා වන පිණිස දාවිත්ද තෝරාගතිමියි කියා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ටකළසේක.
ඔවුන් අවට සිටි සියල්ලෝද සිය කැමැත්තෙන් දුන් සියලු පඬුරු හැර රිදී භාණ්ඩවලිනුත් රන්වලිනුත් බඩුවලිනුත් මෘගයන්ගෙනුත් අනර්ඝ දේවලිනුත් ඔවුන්ට උපකාරකළෝය.
මේක වෙනස්කර යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මේ ගෘහය විනාශකරන්ට තමුන්ගේ අත දිගුකරන සියලු රජුන්ද ජාතීන්ද ස්වකීය නාමය එහි පිහිටෙවුවාවූ දෙවියන්වහන්සේ විනාශකරනසේක්වා. දාරියුෂ් නම් මම නියෝගයක් කෙළෙමි; එය ඉක්මනින් ඉෂ්ටකරනු ලැබේවා යනුයි.
මහත් ගල් පේළි තුනක් සහ අලුත් ලී පේළියකුත් ඇතුව එය සාදනු ලැබේවා. වියදමද රජ ගෙයින් දෙනු ලැබේවා.
මක්නිසාද නුඹ අතේ තිබෙන නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ලෙස යූදා සහ යෙරුසලම ගැන විභාග කරන පිණිසත්,
රජුද ඔහුගේ මන්ත්‍රීවරුන්ද අධිපතීන්ද එහි සිටි සියලු ඉශ්‍රායෙල්වරුන්ද විසින් අපේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා ඔප්පුකළ පඬුර වන රිදීද රන්ද භාණ්ඩද ඔවුන්ට කිරා භාරදුනිමි.
යෙරුසලමෙහි වසන ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ප්‍රශංසා ලබනසේක්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
ස්වාමිනි, ඔබගේ ගෘහ වාසයටත් ඔබගේ තේජස පිහිටි ස්ථානයටත් ප්‍රේමකරමි.
තර්ෂිෂ් රටේද ද්වීපවලද රජවරු තෑගි ගෙනෙන්නෝය. ෂෙබායේද සෙබායේද රජවරු පඬුරු පුදන්නෝය.
ඔබගේ දෙවිවූ ස්වාමීන්ට භාරයක්වී එය ඔප්පුකරව්. උන්වහන්සේ වටකර සිටින සියල්ලෝ භයවිය යුතුවූ උන්වහන්සේට පඬුරු ගෙනෙත්වා.
උන්වහන්සේගේ මණ්ඩපය සාලෙම්හිය, උන්වහන්සේගේ වාසස්ථානය සියොන්හිය.
සියොන්හි වාසයකරන ස්වාමීන්ට ප්‍රශංසා ගී කියව්; සෙනඟ අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්.