ඔවුන්ට ස්වර්ගයේ දෙවියන්වහන්සේට මිහිරි සුවඳ ඔප්පුකර රජුගේද ඔහුගේ පුත්‍රයන්ගේද ජීවිත ශුභසිද්ධිය උදෙසා යාච්ඤාකරන පිණිස,
ඔවුන්ගෙන් සමහරෙක් බඩුබාහිරාදියද ශුද්ධස්ථානයේ සියලු භාජනද සිහින් පිටිද මුද්‍රික පානයද තෙල්ද තුවරලාද සුවඳ ද්‍රව්‍යද බලාගන්ට පත්කරන ලද්දෝය.
ඔවුන්ට ඕනෑකරන දේ එනම් යෙරුසලමෙහි සිටින පූජකයන්ගේ නියමය ප්‍රකාර ස්වර්ගයේ දෙවියන්වහන්සේට දවන පූජා ඔප්පුකිරීමට ගොන්නාම්බන්ද බැටළුවන්ද බැටළුපැටවුන්ද තිරිඟුද ලුණුද මුද්‍රිකපානයද තෙල්ද දවස්පතා නොවරදවා ඔවුන්ට දෙනු ලැබේවා.
ඇරත් දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ ගොඩනැගීම පිණිස නුඹලා විසින් යුදෙව්වරුන්ගේ ඒ වැඩිමහල්ලන්ට කළයුතු දේ කිමෙක්දැයි නියෝගයක් කරමි: එනම් ඒ මනුෂ්‍යයන්ට අවහිරයක් නොවන පිණිස රාජසන්තක දෙයින් එනම් ගඟ එගොඩින් ලැබෙන ආදායමෙන් ඉක්මනින් ඔවුන්ට වියදම දෙන ලෙසය.
රජවරු නුඹ ඇතිකරන පියවරුද ඔවුන්ගේ බිසෝවරු නුඹේ කිරිමවුවරුද වන්නෝය. ඔව්හු මුහුණින් බිමට නැමී නුඹට වැඳ, නුඹේ පාදවල ධූලි ලෙවකන්නෝය; නුඹද ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.
ඉදින් දවන පූජාවක් පිණිස ඔහුගේ පූජාව බැටළු රැළෙන්වත් එළු රැළෙන්වත් වන්නේනම්, ඔහු නොකැලල් පිරිමි සතෙකු පූජාකළ යුතුය.
පාප පූජාවක් පිණිස කැලලක් නැති එළවස්සෙක්ද දවන පූජාවක් පිණිස කැලලක් නැති බැටළුවෙක්ද රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උන් ඔප්පුකරන්න.
සියල්ලෝම ගින්නෙන් ලුණුලනු ලබන්නෝය.