අපිද එහි වැඩිමහල්ලන්ගෙන් විභාගකර: මේ ගෘහය ගොඩනගන්ටත් මේ පවුර නිමකරන්ටත් නුඹලාට නියෝගයක් කළේ කවුදැයි ඔවුන්ගෙන් ඇසුවෙමුව.
ඔබ වෙතින් අප ළඟට ආ යුදෙව්වන් යෙරුසලමට පැමිණ ඒ කැරළිකාර නපුරු නුවර ගොඩනගන බවත් පවුරු තීන්දුකර අත්තිවාරම අලුත්වැඩියාකරන බවත් රජතුමා දැනගනීවා.
ඔවුන්ට ප්‍රධානව සිටින මනුෂ්‍යයන්ගේ නම් ලියාගන ඔබට දන්වන පිණිස ඔවුන්ගේ නාම මොනවාද කියා ඔවුන්ගෙන් ඇසීමුව.
රජ්ජුරුවන් වෙත දන්වා එවන වගනම්: අපි යූදා රටේ තිබෙන උතුම්වූ දෙවියන්වහන්සේගේ ගෘහයට ගියෙමුව, ඒක ලොකු ගල්වලින් ගොඩනගාගන යති, බිත්ති පිට ලී තබා තිබේ, මේ වැඩේ ඉක්මනින් කෙරී ඔවුන් අතේ දියුණුවෙයි.