එස්රා 4:3Sinhala Revised Old Versionනුමුත් සෙරුබ්බාබෙල්ද යේෂුවාද ඉශ්‍රායෙල් පියවංශවල අනික් ප්‍රධානියෝද ඔවුන්ට කථාකොට: අපේ දෙවියන්වහන්සේට ගෘහයක් ගොඩනැගීමේදී නුඹලා අප සමඟ එක්වීමට කිසි කරුණක් නැත. පාර්සියාවේ කෝරෙෂ් රජ්ජුරුවන් අපට අණකර තිබෙන හැටියට අපි පමණක්ම ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට එය ගොඩනගන්නෙමුයයි කීවෝය. පරිච්ඡේදය බලන්න |
මෙසේ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය වෙතට ඔවුන්ගේ පැමිණීමේ දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේදී ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද ඔවුන්ගේ අනික් සහෝදරයෝවූ පූජකයෝද ලෙවීවරුද වාල්කමෙන් මිදී යෙරුසලමට ආ සියල්ලෝද පටන්ගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩ බලාගැනීමට විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට වයස් ඇති ලෙවීවරුන් නියමකළෝය.