Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එස්රා 3:5

Sinhala Revised Old Version

ඉන්පසු ඔව්හු නිරන්තර දවන පූජාද අමාවක්වලත් ස්වාමීන්වහන්සේගේ සියලු නියම ශුද්ධ මංගල්‍යවලත් පූජාද ස්වාමීන්වහන්සේට කැමැත්තෙන්ම ඔප්පුකරන සියල්ලන්ගෙත් ස්වේච්ඡා පූජාද ඔප්පුකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

19 හුවමාරු යොමු  

නැගෙනහිර දොරටු පාලයාවූ, ලෙවීයවූ, ඉම්නාගේ පුත්‍රවූ කෝරේ ස්වාමීන්වහන්සේගේ පඬුරුත් අති ශුද්ධදේත් බෙදාදෙන පිණිස සිය කැමැත්තෙන්ම දෙවියන්වහන්සේට ඔප්පුකළ දේවල් කෙරෙහි පත්ව සිටියේය.

ඔව්හු හත්වෙනි මාසයේ පළමුවෙනිදා පටන් ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පුකරන්ට පටන්ගත්තෝය. නුමුත් ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම ඒ වනතෙක් නොදමනලද්දේය.

තවද ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ගිනි දල්වන පිණිස අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලවලට අපේ පියවංශවල ප්‍රකාරයට අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට දෙන දර පඬුරු ගෙනඊම ගැන පූජකයෝද ලෙවීවරුද සෙනඟද වන අපි පස ඇට දැමුවෙමු.

එසේම දවන පූජා ඔප්පුකිරීමටත් ආහාර පූජාව දැවීමටත් යාග පූජා නිතරම ඔප්පුකිරීමටත් ලෙවීවරුන් වන පූජකයන්ගෙන් මා ඉදිරියෙහි කෙනෙක් නැතුව නොයන්නේයයි කීසේක.

නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්නැයි කීසේක–නුඹලාගෙන් යම් මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකරන කල සිව්පාවුන්ගෙන් එනම් ගව රැළෙන්ද එළු බැටළු රැළෙන්ද නුඹලාගේ පූජාව ඔප්පුකරන්න.

ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය.

ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–ශුද්ධ සභා රැස්වීම් කොට නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ස්වාමීන්වහන්සේගේ මංගල්‍යයන් එනම් මාගේ නියම මංගල්‍යයන් මේවාය:

උන්ගේ පාන පූජා නම් ගොනෙකුට මුද්‍රිකපාන හිනකින් දෙකෙන් කොටසක්ද එක එක බැටළුවාට හිනකින් තුනෙන් කොටසක්ද එක එක බැටළු පැටවාට හිනකින් සතරෙන් කොටසක්ද වන්නේය. මෙය අවුරුද්දේ මාසවලින් එක එක මාසයේ දවන පූජාවය.

තවද ස්වාමීන්වහන්සේට දවන පූජාවක් වන ගිනි පූජාවක් කොට කැලල් නැති තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද රැගෙන ඔප්පුකරන්න.

එහෙත් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස දවන පූජාවකට තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද,

නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් පිණිස,

ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් කොට මිහිරි සුවඳක් පිණිස ඔවුන්ගේ නියෝගය ලෙස අමාවක දවසේ දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද,

නුඹලාගේ බාරවලටත් නුඹලාගේ ස්වෙච්ඡා පූජාවලටත් අඩංගුවන්නාවූ නුඹලාගේ දවන පූජාද ආහාර පූජාද පාන පූජාද ශාන්ති පූජාද ඇර මේවා නුඹලාගේ නියම මංගල්‍යවලදී ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න කියා ඔවුන්ට කියන්නැයි කීසේක.

එහෙත් සමඟිකමක් කිරීමේ පාප පූජාව සහ නිරන්තර දවන පූජාවත් ඒකේ ආහාර පූජාවත් ඒවායේ පාන පූජාවලුත් ඇර,

නුඹේ ධාන්‍යයෙන්ද මුද්‍රික රසයෙන්ද, තෙලින්ද දෙන දසයෙන් කොටසවත් නුඹේ ගවයන්ගේද එළු බැටළුවන්ගේද කුලුඳුලන්වත් නුඹ වෙන්නාවූ නුඹේ කිසි බාර පූජාවක්වත් නුඹේ ස්වෙච්ඡා පූජාවල්වත් නුඹේ අතේ එසවීම් පූජාවවත් නුඹේ දොරටු ඇතුළතදී නොකෑ යුතුය.

නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලාගේ බාරද නුඹලාගේ ස්වෙච්ඡා පූජාද නුඹලාගේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද එහි ගෙනවුත්,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්