එස්රා 3:13Sinhala Revised Old Versionමෙසේ ප්‍රීති-ඝෝෂාවේ ශබ්දය මේකය, සෙනඟගේ ඇඬීමේ ශබ්දය මේකයයි සෙනඟට වෙන් වෙන් වශයෙන් දැනගත නොහැකිවිය. මක්නිසාද සෙනඟ මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය, ඒ ශබ්දය බොහෝ දුරට ඇසුණේය. පරිච්ඡේදය බලන්න |
නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත. මක්නිසාද මම මුලදී මෙන් දේශයේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක