මුළු සභාවේ ගණන වනාහි හතළිස් දෙදාස් තුන්සිය හැටක්ය.
ඌරීම් සහ තුම්මීම් දරන පූජකයෙක් නැගිටිනතුරු අති ශුද්ධ දේවලින් නොකන හැටියට තීර්ෂාතා තෙමේ ඔවුන්ට කීවේය.
ඒ හැර ඔවුන්ගේ වැඩකාරයොත් වැඩකාරියොත් හත්දාස් තුන්සිය තිස්හත් දෙනෙක් සිටියෝය. ඔවුන් අතරේ ගී කියන මිනිස්සුත් ගී කියන ස්ත්‍රීහුත් දෙසියයක් සිටියෝය.
එහෙත් දැන් අපෙන් ස්වල්ප දෙනෙකු ඉතුරු කරන පිණිසත් ස්වකීය ශුද්ධස්ථානයෙහි අප පිහිටුවන පිණිසත් ස්වල්ප වේලාවකට අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් අපට කරුණාව ලැබී තිබේ. මෙසේ අපේ දෙවියන්වහන්සේ අපේ ඇස් එළියකර, අපේ වාල්කමේදී අපට ස්වල්ප සහනයක් දෙනසේක.
නුමුත් මාගේ රැළෙන් ඉතුරුවෙන්නන් මා විසින් පන්නාදැමූ සියලු දේශවලින් මමම රැස්කර, නැවත ඔවුන්ගේ ගාල්වලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝවී වැඩිවන්නෝය.