Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එස්රා 2:42

Sinhala Revised Old Version

දොරටුපාලයන්ගේ පුත්‍රයෝ එනම් ෂල්ලුම්ගේ පුත්‍රයෝද ආටෙර්ගේ පුත්‍රයෝද ටල්මොන්ගේ පුත්‍රයෝද අක්කූබ්ගේ පුත්‍රයෝද හටීටාගේ පුත්‍රයෝද ෂොබයිගේ පුත්‍රයෝද යන සියල්ලෝ එකසිය තිස්නව දෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

මෙසේ ඔව්හු ඇවිත් නුවර දොරටුපාලයන්ට හඬගසා කථාකොට: අපි සිරියවරුන්ගේ කඳවුරට ගියෙමුව, එහි කිසි මනුෂ්‍යයෙක්වත් මනුෂ්‍ය හඬක්වත් නැත, බැඳපු අශ්වයොත් බැඳපු කොටළුවොත් සිටිති, කූඩාරම්ද තිබුණු හැටියටම තිබේයයි ඔවුන්ට දැන්නුවෝය.

මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ දාවිත් රජු විසින්ද සහස්‍රාධිපතීන්ව ශතාධිපතීන්ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින්ද සේනාවේ අධිපතීන් විසින්ද කැපකරනලද්දාවූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත්ව සිටියෝය.

අක්කුබ්, ටල්මොන්, අහිමාන් සහ ඔවුන්ගේ සහෝදරයොත්ය. ෂල්ලුම් ප්‍රධානියාය.

ගීතිකාකාරයෝවූ ආසාප්ගේ පුත්‍රයෝ එකසිය විසිඅට දෙනෙක්ය.

නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝය, හසුපාගේ පුත්‍රයෝය, ටබ්බාවොත්ගේ පුත්‍රයෝය;

දොරටුපාලයෝවූ ෂල්ලුම්ගේ පුත්‍රයෝද ආටෙර්ගේ පුත්‍රයෝද ටල්මොන්ගේ පුත්‍රයෝද අක්කුබ්ගේ පුත්‍රයෝද හටීටාගේ පුත්‍රයෝද ෂෝබයිගේ පුත්‍රයෝද එකසිය තිස්අට දෙනෙක්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්