ලෙවීරුන්ගෙන් යෝසාබාද්, ෂිමෙයි, කේලායා (එනම් කෙලීටා), පෙතහියා, යූදා සහ එලීයෙසෙර්ය.
පෂ්හූර්ගේ පුත්‍රයන්ගෙන් එලියෝයේනයි, මයසේයා, ඉෂ්මායෙල්, නෙතනෙල්, යෝසාබාද් සහ එලාසාය.
ගීතිකාකාරයන්ගෙන් එලියාෂීබ්ය; දොරටුපාලයන්ගෙන් ෂල්ලුම්, ටෙලෙම් සහ උරීය.
සතරවෙනිදා ඒ රිදීද රන්ද බඩුද සියල්ලම ගණන හා බර ප්‍රකාරයට, පූජකයාවූ උරියාගේ පුත්‍රවූ මෙරේමොත් අතට අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේදී කිරා දෙනලද්දේය.
ඔවුන්ගේ සහෝදරයෝවූ ෂෙබනියාද හෝදියාද කෙලීටාද පෙලායාද හානාන්ද;
ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ගෙන් දෙවියන්වහන්සේගේ ගෘහයේ පිටත කාරණා බලාගත්තාවූ ෂබ්බෙතයිද යෝසාබාද්ද;
තවද යේෂුවාද බානීද ෂේරෙබියාද යාමීන්ද අක්කූබ්ද ෂබ්බෙතයිද හෝදියාද මයසේයාද කෙලීටාද අසරියාද යෝසාබාද්ද හානාන්ද පෙලායාද ලෙවීවරුද ව්‍යවස්ථාව සෙනඟට තේරුම්කරදුන්නෝය. සෙනඟ තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය.