Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එස්රා 10:16

Sinhala Revised Old Version

වාල්කමෙන් ආවාවූ අය එසේ කළෝය. පූජකවූ එස්රාද තමුන්ගේ පියවංශවල හැටියට පියවංශවල ප්‍රධාන මනුෂ්‍යයෝද එකිනෙකා නාම වශයෙන් වෙන්කරනු ලැබ, ඔව්හු මේ කාරණය විභාගකරන්ට දසවෙනි මාසයේ පළමුවෙනිදා ඉඳගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

මීට විරුද්ධවුණේ අසාහෙල්ගේ පුත්‍රවූ යෝනාතාන්ද තික්වාගේ පුත්‍රවූ යාසෙයාද පමණක්ය. මෙෂුල්ලාම්ද ලෙවීයවූ ෂබ්බෙතයිද ඔවුන්ට උපකාරකළෝය.

අන්‍ය ජාති ස්ත්‍රීන් සරණපාවාගෙන සිටි සියලු මනුෂ්‍යයන් ගැන කාරණය ඔව්හු පළමුවෙනි මාසයේ පළමුවෙනිදා තීන්දුකළෝය.

මම දිළිඳාට පියෙක් වීමි; මා නොදැන සිටි අයගේ කාරණය සොයා බැලීමි.

යම් මනුෂ්‍යයෙකුගෙන් පළමුකොට නොඅසා, ඔහු කරන්නේ කිමෙක්දැයි ඔහුගෙන්ම නොදැන, අපගේ ව්‍යවස්ථාව ඔහු විනිශ්චයකෙරේදැයි ඔවුන්ට කීවේය.

නුඹ හොඳාකාර සොයා විභාගකර අසන්න; එවිට එබඳු පිළිකුල් දෙයක් නුඹලා අතරෙහි කරනලද බව සැබෑවක්නම්, කාරණය සත්තකනම්,

ඒ නුවරවාසීන්ට කඩුමුවහතින් පහරදී එයද එහි ඇති සියල්ලද ගවයන්ද කඩුමුවහතින් සහමුලින් විනාශකරන්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්