එවිට මුළු සභාව මහත් හඬකින් උත්තරදෙමින්: ඔබ අප ගැන කී ලෙස අප විසින් කළයුතුය.
එබැවින් දැන් නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පව් කියාදී, උන්වහන්සේගේ කැමැත්ත කරමින්, දේශයේ ජාතීන්ගෙනුත් අන්‍ය ජාති ස්ත්‍රීන්ගෙනුත් වෙන්වෙන්නැයි කීවේය.
නුමුත් සෙනඟ බොහෝය, මේක තද වර්ෂා කාලයක් නිසා අපට එළියේ සිටින්ටත් බැරිය, මේක දවසකවත් දෙදවසකවත් වැඩක් නොවේය. මක්නිසාද මේ කාරණය සම්බන්ධව අපි බොහෝසේ වරද කෙළෙමුව.
තවද ඒ දවස්වලදී සමහර යූදාවරුන් අෂ්දෝද්හිද අම්මොන්හිද මෝවබ්හිද ස්ත්‍රීන් පාවාගෙන සිටිනවා දුටුවෙමි.
මක්නිසාද ඔවුන්ගේ සිත් උන්වහන්සේ කෙරෙහි ස්ථිර නොවීය, උන්වහන්සේගේ ගිවිසුමට ඔව්හු විශ්වාසව නොසිටියෝය.
තමුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ආපසු හැරී ද්‍රෝහි ලෙස ක්‍රියාකළෝය. හොර දුන්නක් මෙන් වැරදි අතට හැරුණෝය.