රජතෙමේ හාමාන්ගෙන් ආපසු ගත්තාවූ තමාගේ මුදුව ගළවා මොර්දෙකයිට දුන්නේය. එස්තර් තොමෝ මොර්දෙකයි හාමාන්ගේ ගේදොර කෙරෙහි ප්‍රධානියා කළාය.
ඵාරාවෝ වනාහි තමාගේ අතේ තිබුණ පේරැස් මුද්ද ගළවා යෝසෙප්ගේ අතේ දමා, සිහින් වස්ත්‍රයෙන් ඔහු අඳවා, ඔහුගේ කරෙහි රන් මාලාවක් ලා,
ඔහුගේ බලපරාක්‍රමයේ සියලු ක්‍රියාද රජු විසින් උසස්කළ මොර්දෙකයිගේ උසස්කමේ විස්තරද මේදියාවෙත් පාර්සියාවෙත් රජවරුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?
රජ තමාගේ අතින් මුදුව ගළවා යුදෙව්වරුන්ගේ සතුරාවූ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන්ට දී ඔහුට කථාකොට:
එස්තර් නැවතත් රජු ඉදිරියෙහි කථාකොට රජුගේ පාමුල වැටී: අගාගිය හාමාන් අදහස් කළ නපුරද යුදෙව්වරුන්ට විරුද්ධව ඔහු යෝජනා කළ උපායද පහකරන මෙන් අඬා කන්නලව්කළාය.
ස්වාමීන් කෙරෙහි බලාසිටිමින් උන්වහන්සේගේ මාර්ගය රක්ෂාකරව, දේශය ඔබට උරුමවන පිණිස උන්වහන්සේ ඔබ උසස්කරනසේක. දුෂ්ටයන් සිඳිනු ලබන කල ඔබ එය දකින්නෙහිය.
එකල රජ දානියෙල් උතුම්කොට, මහත්වූ බොහෝ තෑගි ඔහුට දී, ඔහු මුළු බබිලෝනි පළාත කෙරෙහි ආණ්ඩුකාරයාද බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් කෙරෙහි ප්‍රධාන අධිපතියාද කෙළේය.
නුමුත් පියා තමාගේ දාසයන්ට කථාකොට: ඉතා හොඳ සළුව වහාම ගෙනැවිත් මොහුට හඳවන්න; මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න.