Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එස්තර් 8:13

Sinhala Revised Old Version

එක එක පළාතට නියෝගය දෙන පිණිසත් යුදෙව්වරුන් තමුන්ගේ සතුරන්ගෙන් පළිගැනීමට ඒ දවසට සූදානම්ව සිටින පිණිසත් ඒ ලියවිල්ලේ පිටපතක් සියලුම ජනයන් වෙත ප්‍රසිද්ධකර යවනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

ඒ දවසට සූදානම්ව සිටින ලෙස එක එක පළාතට නියෝගයක් දෙන පිණිස ඒ ලියවිල්ලේ පිටපතක් සියලු ජනයන්ට ප්‍රසිද්ධකරනලද්දේය.

පණිවිඩකාරයෝ රාජසේවයෙහි යෙදූ ශීඝ්‍ර සෛන්ධවයන් පිට නැගී, රජුගේ අණ නිසා ඉක්මනින් කඩිසර ලෙස පිටත්ව ගියෝය; ඒ නියෝගය ෂූෂන් බලකොටුවේදී දෙනලද්දේය.

මම ඔවුන් නැවත බාෂාන් සිට ගෙනෙන්නෙමි, මුහුදේ ගැඹුරේ සිට ඔවුන් නැවත ගෙනෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කීසේක.

දෙවියන්වහන්සෙත් තමන්ට රෑ දාවල් හඬගසන්නාවූ තමන් තෝරාගත්තවුන් ගැන යුක්තිය ඉෂ්ට නොකරනසේක්ද? උන්වහන්සේ ඔවුන් කෙරෙහි බොහෝ ඉවසිල්ලෙන් සිටිනසේක.

ඔව්හු: අහෝ, ස්වාමිනි, ශුද්ධවූ සැබෑවූ තැනන්වහන්ස, ඔබ පොළොවෙහි වසන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ට සුදුසු විපාක නොදී, කොපමණ කල් ප්‍රමාද වනසේක්දැයි මහත් ශබ්දයකින් මොරගසා කීවෝය.

සම්සොන් ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට: අනේ ස්වාමිවූ දෙවියන්වහන්ස, මා සිහිකළමැනව, අනේ දෙවියන්වහන්ස, මාගේ ඇස් දෙක ගැන මා විසින් පිලිස්තිවරුන්ගෙන් එකවරටම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවයි කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්