දෙවෙනි දවසෙත් මුද්‍රිකපාන මංගල්‍යයේදී රජ එස්තර්ට කථාකොට: එස්තර් බිසව, නුඹේ ඉල්ලීම මොකද? ඒක නුඹට දෙනු ලැබේ; නුඹේ අයදුම මොකද? එය රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුවත් ඉෂ්ටකරනු ලැබේයයි කීය.
එකල රජ ඈට කථාකොට: එස්තර් බිසව, නුඹට ඕනෑ මොකද? නුඹේ අයදීම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් නුඹට දෙනු ලැබේයයි කීයේය.
රජතෙමේ මුද්‍රිකපාන මංගල්‍යයේදී එස්තර්ට කථාකොට: නුඹේ ඉල්ලීම මොකද? ඒක නුඹට දෙනු ලැබෙන්නේය, නුඹේ අයදුම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් ඒක ඉෂ්ටකරනු ලැබේයයි කීවේය.
මෙසේ රජද හාමාන්ද එස්තර් බිසව සමඟ පාන උත්සවයට ආවෝය.
එවිට රජ එස්තර් බිසවට කථාකොට: ෂූෂන් බලකොටුවේදී යුදෙව්වරු වනාහි මනුෂ්‍යයන් පන්සියයක්ද හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාද මරා නැතිකළෝය. රජුගේ අනික් රටවල මක්කරන්ට නැද්ද? ඉතින් නුඹේ ඉල්ලීම මොකද? ඒක නුඹට දෙනු ලැබේ. තවත් නුඹේ අයදුම මොකද? ඒක ඉෂ්ටකරනු ලැබේවයි කීවේය.
ඔහුද: නුඹ මාගෙන් ඉල්ලන කොයිදෙයක් වුවත්, මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුවත්, නුඹට දෙමියි කියා ඈට දිවුරුම් දුන්නේය.
මේ දක්වා මාගේ නාමයෙන් නුඹලා කිසිවක් ඉල්ලුවේ නැත. නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිස ඉල්ලන්න, එවිට නුඹලාට ලැබෙන්නේය.
එකල අධිපතියා ඔහුගේ අත අල්ලා අහකට ගෙනගොස්: මට දන්වන්ට නුඹට තිබෙන කාරණය මොකදැයි ඇසුවේය.