හාමාන් මිදුලේ සිටිනවායයි රජුගේ මෙහෙකරුවෝ ඔහුට කීවෝය. ඔහු ඇතුළට ඒවයි රජ කීය.
රජද: මිදුලේ ඉන්නේ කවුදැයි ඇසීය. හාමාන් වනාහි තමා විසින් මොර්දෙකයි සෑදූ එල්ලුම්ගහේ ඔහු එල්ලාදමන්ට රජුට කථාකරන පිණිස රජගෙදර පිටත මිදුලට ඇවිත් සිටියේය.
හාමාන් ඇතුල් වුණ විට රජ ඔහුට කථාකොට: රජු විසින් ගෞරවකරන්ට කැමති මනුෂ්‍යයාට කරන්ට ඕනෑ මොකදැයි ඇසුවේය. හාමාන්ද: මට මිස රජු ගෞරවකරන්ට කැමති කාටදැයි තමාගේ සිතින් සිතාගන, රජුට කථාකොට: