එස්තර් 3:12Sinhala Revised Old Versionඑවිට පළමුවෙනි මාසයේ දහතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන්ට අඬගස්වා, හාමාන් අණකළ සියල්ල ලෙස රජුගේ දිසාධිපතීන්ටද සියලු රටවල ආණ්ඩුකාරයන්ටද එක එක සෙනඟගේ අධිපතීන්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනඟගේ භාෂාවෙන්ද ලියුම් ලියවා හැරියේය; අහෂ්වේරොෂ් රජුගේ නමින් ඒවා ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකළේය. පරිච්ඡේදය බලන්න |
එවිට ඔව්හු රජු ඉදිරියට ළංවී රාජ තහනම ගැන කථාකොට: රජ්ජුරුවෙනි, කොයි මනුෂ්‍යයෙක් නුමුත් තිස් දවසක් යන තුරු ඔබගෙන් මිස යම් දෙවිකෙනෙකුගෙන්වත් මනුෂ්‍යයෙකුගෙන්වත් යම් ඉල්ලීමක් ඉල්ලුවොත්, ඔහු සිංහ ගුහාවේ දමනු ලැබේය කියා ඔබ තහනම් පත්‍රයක් කොට අත්සන්කළා නොවේදැයි ඇසුවෝය. රජද උත්තරදෙමින්: වෙනස් නොවන්නාවූ මේදවරුන්ගේද පර්සිවරුන්ගේද පනතේ හැටියට කාරණය සැබෑයයි කීවේය.