මොර්දෙකයිට ඒ බව දැනගන්ට ලැබී ඔහු එස්තර් බිසවට දැන්නුවේය. එස්තර්ද මොර්දෙකයිගේ නාමයෙන් රජුට කීවාය.
නපුංසකයන්ගෙන් එක්කෙනෙක්වූ හර්බෝනා රජු ඉදිරියෙහි කථාකොට: ඇරත් රජුගේ ශුභසිද්ධියට කථාකළාවූ මොර්දෙකයිට හාමාන් විසින් සෑදෙවු පනස් රියනක් උස ඇති එල්ලුම්ගහ හාමාන්ගේ ගෙදර ළඟ හිටවා තිබේයයි කීය. ඔහු ඒකේ එල්ලාදමන්නැයි රජ කීවේය.
නුඹේ සිතෙන්වත් රජුට දෙස් නොකියන්න; නුඹේ සැතපෙන ගෙයිදීවත් වස්තුකාරයන්ට දෙස් නොකියන්න. මක්නිසාද ආකාශයේ පක්ෂියෙක් ඒ හඬ ගෙනයනවා ඇත, පියාපත් ඇති සතෙක්ද කාරණය දන්වනවා ඇත.
අහෝ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද!
නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණාත් බලන්න.