රජු විශාලවූ ස්වකීය රාජ්‍යය මුළුල්ලෙහි පනවන නියෝගය ඇසූ කල්හි සියලුම භාර්යාවන් ලොකු කුඩාවූ තම තමුන්ගේ පුරුෂයන්ට ගෞරව දෙනවා ඇතැයි කීවෝය.
ඒ කීමට රජද අධිපතීහුද ප්‍රසන්නවූහ; රජ මෙමූකාන්ගේ කීම ලෙස කරමින්,
මේ කාරණාවලට පසු, අහෂ්වේරොෂ්ගේ කෝපය සංසිඳුණු කල්හි, ඔහු වස්තී සහ ඈ කළ දේද ඈට විරුද්ධව කළ නියමයද සිහිකෙළේය.
භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න.
එසේවී නුමුත් නුඹලා එක් එක්කෙනාත් තම තමාට මෙන් තම තමාගේ භාර්යාවට ප්‍රේමකරන්න; භාර්යාවද පුරුෂයාට භයපක්ෂව සිටින්ට බලාගනීවා.
මුළු සෙනඟ අසා භයව තවත් හිතුවක්කාරකම් නොකර සිටිනවා ඇත.
එවිට ඔහුගේ නුවර සියලු මනුෂ්‍යයෝ ඔහු මැරෙන පිණිස ඔහුට ගල්ගසත්වා. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න; මුළු ඉශ්‍රායෙල්ද අසා භය වෙනවා ඇත.
භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේ තුළ සුදුසුව තිබෙන ලෙස, නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න.