ඈට ඔටුන්න පළඳවා රජු ඉදිරිපිටට කැඳවාගෙන එන්ට අහෂ්වේරොෂ් රජ තමා ඉදිරියෙහි සේවයකළාවූ මෙහූමාන්ද බිස්තාද හර්බෝනාද බිග්තාද අබග්තාද සේතර්ද කර්කස්ද යන නපුංසකයන් සත්දෙනාට අණකෙළේය.
අබ්සලොම් මෙන් රූප ශෝභාව ගැන ප්‍රශංසා කටයුතු කෙනෙක් මුළු ඉශ්‍රායෙල්හි සිටියේ නැත. පතුළ පටන් හිස්මුදුන දක්වා ඔහුට කිසි කැලලක් නොවීය.
නුමුත් නපුංසකයන් අත රජු කියා ඇරිය අණට එන්ට වස්තී බිසව අකැමැතිවූවාය. එබැවින් රජ ඉතා උදහස්වී, ඔහුගේ කෝපය ඔහු තුළ ඇවුළුණේය.
රජද සියලුම ස්ත්‍රීන්ට වඩා එස්තර්ට ආදරේවී, සියලු කන්‍යාවන්ට වඩා ඈට කරුණාවද ආදරයද පෙන්වා, ඇගේ හිසේ රාජ ඔටුන්න තබා, වස්තී වෙනුවට ඇය බිසව කරගත්තේය.
රජ්ජුරුවන් පළඳින රාජ වස්ත්‍රයක්ද රජ්ජුරුවන් නැගී යන්නාවූ, රාජ ඔටුන්න හිසේ දරන්නාවූ අශ්වයාද ගෙනවුත්,
මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගය යොමුකරවයි; එහෙත් ඔහුගේ පාද හසුරුවන්නේ ස්වාමීන්වහන්සේය.
රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.
ඒ මනුෂ්‍යයාගේ නම නාබල්ය; ඔහුගේ භාර්යාවගේ නම අබීගායිල්ය. ඒ ස්ත්‍රී වනාහි බුද්ධිමත්, රූප ශෝභාව ඇති තැනැත්තියක් වූවාය. එහෙත් ඒ මනුෂ්‍යයා ක්‍රියාවලින් කර්කශවූ නපුරු වූ කෙනෙකි. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.