එවිට හණ වස්ත්‍ර හැඳගෙන තමාගේ පැත්තෙහි තීන්ත කූඩුව ඇතුව සිට මනුෂ්‍යයා හැරී ඇවිත්: ඔබවහන්සේ අණකළ ලෙස කෙළෙමියි කීවේය.
උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
තවද මම බැලූ විට, කෙරුබ්වරුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයෙහි නීලමාණික්‍ය වැන්නක් ඔවුන්ට ඉහළින් තිබෙනවා දුටිමි. එය සිංහාසනයක සමානත්වයේ පෙනීමක් මෙන් ඔවුන්ට උඩින් පෙනුණේය.
එබැවින් මාගේ ඇස දයාකරන්නේවත් මා විසින් කරුණාකරන්නේවත් නැතුව, ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පමුණුවන්නෙමියි මට කීසේක.
එවිට උතුරු දෙස තිබෙන ඉහළ දොරටුවේ මාර්ගයෙන් මනුෂ්‍යයන් හය දෙනෙක් එකිනෙකා තම තමාගේ මරණායුධය අතේ ඇතුව ආවෝය; ඔවුන් මැද එක් මනුෂ්‍යයෙක් හණ වස්ත්‍ර හැඳගෙන, තමාගේ පැත්තක එල්ලෙන තීන්ත කූඩුවක් ඇතුව සිටියේය. ඔව්හු ඇතුල් වී පිත්තල පූජාසනය ළඟ සිටියෝය.
සත්වෙනියාද තමාගේ පාත්‍රය ආකාශයේ වැගිරෙවුවේය; එවිට: නිමවුණේයයි කියන මහත් හඬක් දේවමාළිගාව තුළින් සිංහාසනයෙන් නික්මුණේය.
එකල පළමුවෙනියා ගොස් තමාගේ පාත්‍රය භූමියෙහි වැගිරෙවුවේය; එවිට මෘගයාගේ ලකුණ ඇත්තන්ද ඔහුගේ රූපයට නමස්කාරකරන්නන්ද කෙරෙහි වස අරිෂ්ට වණ හටගත්තේය.