තවද මනුෂ්‍ය පුත්‍රය, තියුණු කඩුවක් ගන්න, එය පනික්කියන්ගේ දැළිපිහියක් මෙන් හැරගෙන, නුඹේ හිසද නුඹේ රැවුලද එයින් බූගා, කිරන තරාදියක් රැගෙන ඒ කේශ බෙදන්න.
ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ ගංගාවට එගොඩින් කුලියට ගත් දැළිපිහිය වන අෂූර්හි රජු ලවා හිසේද පාදවලද කේශ කපාදමනවා ඇත. රැවුලත් එයින් සිඳදමනු ලබන්නේය.
ස්වාමීන්වහන්සේ මෙසේ කී සේක: නුඹ ගොස් කුම්භකාරයෙකුගේ මැටි කළයක් මිලේටගෙන, සෙනඟගේ වැඩිමහල්ලන්ගෙන්ද පූජකයන්ගේ වැඩිමහල්ලන්ගෙන්ද සමහරුන් කැඳවාගෙන,
තවද මනුෂ්‍ය පුත්‍රය, පැතලි ගඩොළක් ගෙන ඒක නුඹ ඉදිරියෙහි තබාගන නුවරක්, එනම් යෙරුසලම, ඒකේ සිතියම් කරන්න.
ඔව්හු තමුන්ගේ ඉස් බූගාන්නේවත් ඉසකේ දික්වීමට අරින්නේවත් නැතුව, තමුන්ගේ ඉසකේ කපත්වා.
තෙකේල් යනු ඔබ තරාදියේ කිරනු ලැබ, අඩු බව පෙනුණේය යනුය.
ඔව්හු තමුන්ගේ හිස් මුඩු නොකරත්වා, රුවුළේ කොන් බූනොගාත්වා, ඔවුන්ගේ ශරීරයෙහි කිසි කැපීමක් නොකරත්වා.