ඉශ්‍රායෙල් ගෝත්‍රවල නාම ප්‍රකාරයට නම් ඇතුව, නුවර දොරටුවලින් දොරටු තුනක් උතුරට වන්නේය. රූබෙන්ගේ දොරටුව එකක්ය; යූදාගේ දොරටුව එකක්ය; ලෙවීගේ දොරටුව එකක්ය.
තවද ඉශ්‍රායෙල් ඒ දේශයෙහි වසන කල්හි රූබෙන් ගොස් තම පියාගේ උපභාර්යාවවූ බිල්හා සමඟ සයනයකෙළේය. ඉශ්‍රායෙල්ට එපවත් සැලවිය. යාකොබ්ගේ පුත්‍රයෝ දොළොස් දෙනෙක්ය.
නුඹේ කොත් රක්ත මාණික්‍යවලින්ද නුඹේ දොරටු දීප්තිමත් මාණික්‍යවලින්ද නුඹේ සියලු මායිම් පියකරු ගල්වලින්ද සාදන්නෙමි.
ජාතීන්ගේ වස්තු නුඹ ළඟට ගෙනෙන පිණිසද ඔවුන්ගේ රජුන් පෙරටුව එන පිණිසද නුඹේ දොරටු රෑ දාවල් නොවසා නිතරම ඇරී තිබේ.
නුවරින් පිටතට යන තැන් මෙසේය: දඬු මිම්මෙන් හාරදාස් පන්සියයක් දිග ඇති උතුරු පැත්තෙහි
හාරදාස් පන්සියයක් දිග ඇති නැගෙනහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේය. යෝසෙප්ගේ දොරටුව එකක්ය; බෙන්යමින්ගේ දොරටුව එකක්ය; දාන්ගේ දොරටුව එකක්ය.
දොරටු දොළොස මුතු දොළොසක්ය; එක එක දොරටුව එක එක මුතුඇටයකින් සාදා තිබුණේය. නුවර වීථිය විනිවිද පෙනෙන වීදුරු මෙන් පවිත්‍ර රන්ය.
එහි දොරටු දවාලේ කිසිසේත් වසනු නොලබන්නේය. මක්නිසාද එහි රාත්‍රියක් නොවන්නේය.