ගාද්ගේ සීමාව ළඟ දකුණු දිශාවට දකුණු පැත්තේ සීමාව නම් තාමාර් පටන් මෙරීබත්-කාදෙෂ්හි ජලයත් මිසර ඔයත් මහ මුහුදත් දක්වා තිබෙන්නේය.
තවද ඔව්හු හැරී ඇවිත් ඒන්-මිෂ්පාත්ට (එනම් කාදෙෂ්ට) පැමිණ අමලෙක්වරුන්ගේ මුළු රටටත් හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන්ටත් පහරදුන්නෝය.
ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් කරමින්: මිසරයේ ගංගාව පටන් මහත් ගංගාව, එනම්, ප්‍රාත් ගංගාව දක්වා තිබෙන්නාවූ
එවිට සමහරෙක් ඇවිත් යෙහෝෂාපාට්ට කථාකොට: මුහුද එගොඩින් සිරියේ සිට මහත් සමූහයක් ඔබට විරුද්ධව එන්නාහ; ඔව්හු හශශොන්-තාමාර්හි (ඒන්-ගෙදිය කියන්නෙත් ඊටමයි) සිටිතියි කියා දැන්නුවෝය.
ඔව්හු මෙරිබාහි වතුර ළඟදීත් උන්වහන්සේ උදහස්කළෝය, එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට නපුර සිදුවිය.
තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ ගංගාවේ සැඩපාරේ පටන් මිසරයේ ඔය දක්වා ඔහුගේ ඵල නෙළාගන්නාසේක. එම්බා ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා එක් එක්කෙනෙක් පාසා රැස්කරනු ලබන්නහුය.
මසුන් අල්ලන්නන් ඒක අද්දර සිටිනවා ඇත. ඒන්-ගෙදියේ සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් අතුරන ස්ථාන වන්නේය; එහි මත්ස්‍යයෝ මහ මුහුදේ මත්ස්‍යයන් මෙන් එක එක වර්ගයේ හැටියට මහත් ගණනක් ඉන්නෝය
දේශයේ සීමාව මෙසේය: උතුරු දිශාවේ මහ මුහුදේ සිට ශෙදාද්ට පැමිණෙන හෙත්ලොන් මාර්ගයේ තිබෙන හමාත්ද බේරෝතාද
ඉශ්‍රායෙල් පුත්‍රයෝ එනම් මුළු සභාව පළමුවෙනි මාසයේදී ශීන් කාන්තාරයට ආවෝය; සෙනඟ කාදෙෂ්හි නවාතැන් ගත්තෝය; මිරියාම් එහිදී නැසී එහි තැන්පත්කරන ලද්දීය.
ඒ වනාහි මෙරිබා වතුරය; එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ සමඟ විවාදකළෝය, එහෙත් උන්වහන්සේ ඔවුන් අතරෙහි ගෞරවකරනු ලැබූසේක.
අශ්මොන් පටන් සීමාව මිසර ඔය දෙසට හැරී ගොස් මුහුද ළඟ කෙළවර වන්නේය.
පිලිස්තිවරුන්ගේ සියලු පළාත් වන ගාසාවරුද අෂ්දොද්වරුද අෂ්කෙලොන්වරුද ගිත්තීවරුද එක්‍රොන්වරුද යන පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනාගේ පළාත් සහ මුළු ගෙෂූරත් අව්විවරුන්ගේ පළාතත්ය.