එසේ අධිපතියාට අයිති ඒවාට අතරේ තිබෙන ලෙවීවරුන්ගේ කොටසේ සිටද නුවර කොටසේ සිටද යූදාගේ සීමාවටත් බෙන්යමින්ගේ සීමාවටත් අතරේ තිබෙන කොටස් අධිපතියාට වන්නේය.
ශුද්ධවූ උපහාරයටත් නුවර කොටසටත් දෙපැත්තෙන් එනම් උපහාරයේ විසිපන් දහස ළඟ සිට නැගෙනහිර සීමාව දක්වාද බස්නාහිර දෙසට විසිපන් දහස ළඟ සිට බස්නාහිර සීමාව දක්වාද [ගෝත්‍ර] කොටස් ළඟ ඉතිරිවෙන පංගු අධිපතියාට වන්නේය. ශුද්ධවූ උපහාරයද ගෘහයේ ශුද්ධස්ථානයද එහි මැද වන්නේය.
ඉතිරි ගෝත්‍රවලින් නම් නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා බෙන්යමින්ට එකක්ය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් තමුන්ට හිමිවූ උරුමයෙන් ලෙවීවරුන්ගේ වාසය පිණිස නුවරවල් දෙන්ට අණකරන්න; නුවරවලට වටකරින් ඒවාට පිට-බිම් ලෙවීවරුන්ට දෙන්න.