Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 48:18

Sinhala Revised Old Version

ශුද්ධවූ උපහාරයට යාව දිගින් ඉතිරිවෙන්නේ නැගෙනහිරට දස දහසක්ය; බස්නාහිරට දස දහසක්ය. එය ශුද්ධවූ උපහාරය ළඟ වන්නේය; ඒ කොට්ඨාසවල අස්වැන්න නුවර වැඩ කරන්නන්ට කෑම පිණිස වන්නේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

නුවර කොටස පිණිස පන්දහසක් පළලද විසිපන්දහසක් දිගද ඇති ඉඩමක් උපහාරයවූ ශුද්ධ කොටස ළඟ නියමකරන්න. ඒක මුළු ඉශ්‍රායෙල් වංශයට වන්නේය.

නුවරට පිට-බිම් තිබිය යුතුය; උතුරට දඬු දෙසිය පනහක්ව, දකුණට දෙසිය පනහක්ව, නැගෙනහිරට දෙසිය පනහක්ව, බස්නාහිරට දෙසිය පනහක්ව තිබිය යුතුය.

සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් නුවර වැඩකරන්නෝ එය අස්වද්දවත්වා.

අද දක්වා තිබෙන හැටියට යෝෂුවා ඒ දවසේ ඔවුන් සභාවටත් ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයෙහි උන්වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන්ද දිය අදින්නන්ද කෙළේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්