පූජකයන්ගේ සීමාවට යාව විසිපන් දහසක් දිගද දස දහසක් පළලද ඇති කොටසක් ලෙවීවරුන්ට වන්නේය. මුළු දිග විසිපන් දහසක්ද පළල දස දහසක්ද විය යුතුය.
නුඹේ භූමියේ ප්‍රථම ඵලවලින් පළමු ඒවා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෙට ගෙනෙන්න. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොපිහන්න.
ඒ මිම්මෙන් විසිපන් දහසක් දිගද දසදහසක් පළලද ඇති ඉඩමක් මනින්න. ඒක තුළ ශුද්ධස්ථානය වන අති ශුද්ධස්ථානය වන්නේය.
විසිපන්දහසක් දිගද දසදහසක් පළලද ඇති ඉඩමක් ගෘහයේ සේවකයන්වූ ලෙවීවරුන්ට උරුමයක් පිණිස කාමර විස්සක් ඇතුළුව වේවා.
එය දේශයේ උපහාරයෙන් ලෙවීවරුන්ගේ සීමාව ළඟ ඔවුන්ට අති ශුද්ධ උපහාර කොටසක් වන්නේය.
ඔවුන් විසින් එයින් කිසිවක් විකුණන්ටවත් මාරුකරන්ටවත් භූමියේ ප්‍රථම ඵල අහිමිකරන්ටවත් නොයෙදේවා. මක්නිසාද එය ස්වාමීන්වහන්සේට ශුද්ධය.
එහෙත් ඔවුන්ගේ නගරබද ප්‍රදේශයේ කෙත් විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද ඒවා ඔවුන්ගේ නිරන්තර උරුමයක්ය.
ඔවුන් දෙන දෙයක් කමින් බොමින් එම ගෙයිම නැවතී සිටින්න. මක්නිසාද වැඩකාරයා තමාගේ කුලිය ලබන්ට සුදුසුය. ගෙයින් ගෙට නොයන්න.
නුඹේ දේශය මතුපිට නුඹ ජීවත්වෙන සියලුම දවස්වල ලෙවීයයා අත්නොහරින්ට බලාගන්න.