Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 47:23

Sinhala Revised Old Version

විදේශියා වාසයකරන ගෝත්‍රය අතරේම ඔහුගේ උරුමය ඔහුට දෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

3 හුවමාරු යොමු  

නුඹලාටත් නුඹලා අතරේ වාසයකරන්නාවූ, නුඹලා අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පසඇට දමා බෙදාගන්න; ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වදේශීන් මෙන් නුඹලා සමඟ සිටිත්වා; නුඹලා සමඟ ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි පසඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේය.

ගෝත්‍රවල නාමවල් මේවාය: හමාත්ට පැමිණෙන හෙත්ලොන්හි මාර්ගයද හශර්-ඒනාන්ද උතුරෙහි හමාත්ට ළංවූ දමස්කයේ සීමාවද ළඟ තිබෙන උතුරු කෙළවරේ සිට නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර දක්වා දාන්ට එකක්ය.

එබැවින් විදේශියාට ප්‍රේම කරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්