Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 46:15

Sinhala Revised Old Version

එසේ නිරන්තර දවන පූජාවක් කොට බැටළුපැටවාද ආහාර පූජාවද තෙල්ද උදයෙන් උදය පිළියෙළකළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

නුඹ පූජාසනය පිට ඔප්පුකළ යුතුදේ නම් මේය; නොකඩව දවස්පතා එක් අවුරුදු බැටළු වස්සෝ දෙදෙනෙක.

ඒක සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ පරම්පරාවල ඔප්පුකළ යුතු නිරන්තර දවන පූජාවක්ය. ඒ කූඩාරම වනාහි නුඹලා සමඟ කථාකරන පිණිස මා නුඹලාට සම්මුඛවන ස්ථානයය.

එය ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් කොට මිහිරි සුවඳක් පිණිස සීනයි කන්දේදී නියමකළාවූ නිරන්තර දවන පූජාවක්ය.

ඒ උත්තම පූජකයන් මෙන් පළමුකොට තමුන්ගේම පව් උදෙසාත් පසුව සෙනඟගේ පව් උදෙසාත් දවස්පතා පූජාවල් ඔප්පුකරන්ට උන්වහන්සේට වුවමනාවක් නැත. මක්නිසාද උන්වහන්සේ තමන්ම පූජාකිරීමෙන් එකවරක්ම ඒක කළසේක.

එසේ ඇතුල්වෙන්ට නම් උන්වහන්සේ ලෝකයේ මැවීමේ පටන් නොයෙක්වර වධවිඳින්ට ඕනෑව තිබුණේය. නුමුත් තමන්ම පූජාකිරීම කරණකොටගෙන පාපය පහකරන පිණිස උන්වහන්සේ කාලයන්ගේ කෙළවරදී එක වරක් ප්‍රකාශවූසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්