ඒ මිම්මෙන් විසිපන් දහසක් දිගද දසදහසක් පළලද ඇති ඉඩමක් මනින්න. ඒක තුළ ශුද්ධස්ථානය වන අති ශුද්ධස්ථානය වන්නේය.
ඔහු ගෘහයේ ඉතා ඇතුල් කොට්ඨාසයෙන් රියන් විස්සක් දිගට බිමෙහි සහ භිත්තිවලත් කිහිරි ලෑලි ඇල්ලුවේය. ඇතුළතින් ඔහු ඒක දිව්‍ය-වාක්‍යස්ථානයක් වන අති ශුද්ධස්ථානය කොට සෑදුවේය.
එයින් පන්සියයක් දිගද පන්සියයක් පළලද ඇති වටකරින් සතරැස්වූ පංගුවක් ශුද්ධස්ථානයට වේවා; ඊට පිට-බිමක් පිණිස රියන් පනසකුත් වටේට තිබේවා.
ඒක දේශයෙන් ශුද්ධ කොටසක්ය; ඒක ස්වාමීන්වහන්සේට සේවයකරන්ට පැමිණෙන්නාවූ ශුද්ධස්ථානයේ සේවකයන්වූ පූජකයන්ට වන්නේය; ඒක ඔවුන්ගේ ගෙවල්වලට ඉඩමක්ද ශුද්ධස්ථානයට ශුද්ධවූ තැනක්ද වන්නේය.
ශුද්ධවූ උපහාරය මොවුන්ට වන්නේය, එනම්, පූජකයන්ට, උතුරට විසිපන් දහසක් දිගද බස්නාහිරට දස දහසක් පළලද නැගෙනහිරට දස දහසක් පළලද දකුණ දෙසට විසිපන් දහසක් දිගද ඇති කොටසක් වන්නේය. ඒක මැද ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය වන්නේය.
යූදාගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා නුඹලා ඔප්පුකළ යුතු උපහාර කොටස වන්නේය, එහි පළල දඬු විසිපන් දහසක්ද එහි දිග අනික් කොටස්වලින් එකක් වාගේ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වාද වන්නේය; ශුද්ධස්ථානය එහි මැද වන්නේය.