සත්වෙනි මාසයේ පහළොස්වෙනිදා මංගල්‍යයේදී ඔහු එසේම සත් දවසක් ඒ පාප පූජාවද දවන පූජාවද ආහාර පූජාවද තෙල්ද සඳහා පිළියෙළකරන්නේය.
සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද සත්වෙනි මාසයේ පැවැත්වූ මංගල්‍යයේදී රජු වෙතට රැස්වූවෝය.
එකල යුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍යය ළංව තිබුණේය.