නුඹලාගේ මානෙය ෂෙකෙල් විස්සක්ව, ෂෙකෙල් විසිපහක්ව, ෂෙකෙල් පහළොහක්ව, තිබෙන්නේය.
මාගේ ස්වාමීනි, මාගේ බස් ඇසුව මැනවි. රිදී ෂෙකෙල් හාරසියයක් වටින බිම් කැබෙල්ලක් මා සහ ඔබ අතරෙහි මොකක්ද? එබැවින් ඔබගේ මළ අය තැන්පත් කළ මැනවියි ඔහුට කීවේය.
ඔවුන් විසින් දිය යුතු මෙසේය, ගණන්ගනු ලබන එක් එක්කෙනා ශුද්ධ ස්ථානයේ ෂෙකෙල් මිලයේ හැටියට ස්වාමීන්වහන්සේට පඬුරක් පිණිස ෂෙකෙල් බාගයක් දිය යුතුය. (ෂෙකෙලයක් නම් ගේරා විස්සක්ය.)
විසි අවුරුදුවූද ඉන් වැඩිවූද වයස් ඇති ගණන්ගනු ලබන එක් එක්කෙනා ස්වාමීන්වහන්සේගේ පඬුර දේවා.
නුඹ කන්නාවූ නුඹේ කෑමද දවසට බර ගණනින් ෂෙකෙල් විස්සක්ව තිබෙන්ට ඕනෑය. වරින් වර ඒවා කන්න.
නුඹලා ඔප්පු කළ යුතුවූ එසවීම් පූජාව නම් තිරිඟු හෝමෙරකින් ඒඵාවෙන් හයෙන් කොටසක්ය, යව හෝමෙරකිනුත් ඒඵාවෙන් හයෙන් කොටසක් දිය යුතුය.
නුඹේ සියලු නියමකිරීම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙලට ගේරා විස්සක් බැගින් විය යුතුය.
එක් එක්කෙනා වෙනුවට ෂෙකෙල් පහක් බැගින් ගනින්න; ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙලට ගේරා විස්සක් බැගින් ගනින්න.