හරි තරාදිද හරි ඒඵාවක්ද හරි බාත් මිම්මක්ද නුඹලාට තිබේවා.
හොර තරාදිය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් හරි කළන්පඩියට උන්වහන්සේ ප්‍රසන්නය.
යුතු තුලාවක්ද තරාදිද ස්වාමීන්වහන්සේට අයිතිය; මල්ලේ තිබෙන සියලු කළන්පඩිද උන්වහන්සේගේ වැඩය.
ද්වීප්‍රකාර කළන්පඩිද ද්වීප්‍රකාර මිමිද යන දෙවගේම ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
පූජාවට වඩා ධර්මිෂ්ඨකමද යුක්තියද කිරීම ස්වාමීන්වහන්සේට ප්‍රියව තිබේ.
අක්කර දසයක මිදිවත්තෙන් බාත් එකක්ද බුසල් දසයක බීජවලින් බුසලක්ද අස්වැන්න ලැබෙන්නේය.
නුඹේ මල්ලේ වෙනස් කිරුම් පඩි එනම් ලොකු එකක් සහ කුඩා එකක් තබානොගන්න.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් වැඩිවන පිණිස සම්පූර්ණවූ හරිවූ කිරුම් පඩියක් සහ සම්පූර්ණවූ හරිවූ මිම්මක් නුඹ ළඟ තබා ගන්න.