ඔවුන්ට ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද කන්ට පුළුවන; ඉශ්‍රායෙල් අතරෙහි කැපවූ සියල්ලම ඔවුන්ට වන්නේය.
ඔහුද: මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්ටත් ආහාර පූජාව බදින්ටත් ඕනෑවූ ඉඩමය; එසේ කරන්නේ සෙනඟ ශුද්ධකරන පිණිස ඒවා පිට-මළුවට නොගෙනියන පිණිසයයි මට කීවේය.
ආහාර පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් වන්නේය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් අති ශුද්ධ එකක්ය.
ඒ බිම ජුබිලි වර්ෂයේදී නිදහස් වෙන විට තීන්දුවටම කැපවූ බිමක් මෙන් ස්වාමීන්වහන්සේට ශුද්ධවන්නේය; ඒකේ අයිතිය පූජකයාට වන්නේය.
ඒ අතරම කිසිවෙක් තමා සන්තක සියල්ලෙන් එනම් මිනිසුන්ගෙන් හෝ මෘගයන්ගෙන් හෝ තමාගේ උරුම කෙතෙන් හෝ ස්වාමීන්වහන්සේට තීන්දුවටම කැපකරන කිසිවක් විකුණන්ටවත් මුදාගන්ටවත් නුපුළුවන. තීන්දුවටම කැපකරන සියල්ල ස්වාමීන්වහන්සේට අති ශුද්ධය.
පාප පූජාවක් කොට එය ඔප්පුකරන පූජකයා එය කන්ට ඕනෑය. සම්මුඛවීමේ කූඩාරමේ මළුවෙහිදී, ශුද්ධවූ තැනක එය කනු ලැබේවා.
පූජකයන් අතරෙහි සියලු පිරිමි එයින් කන්නෝය. එය අති ශුද්ධය.
පූජකයන් අතරෙහි සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන. ශුද්ධවූ තැනකදී එය කෑ යුතුය. එය අති ශුද්ධය.
ඉශ්‍රායෙල්වරුන් අතරෙහි කැපකරනලද සියල්ල නුඹට වන්නේය.
අපට පූජාසනයක් ඇත්තේය, මණ්ඩපයට සේවයකරන්නන්ට එයින් කන්ට අවසර නැත.
ලෙවී ගෝත්‍රයට පමණක් ඔහු කිසි උරුමයක් නුදුන්නේය; ඔහු ඔවුන්ට කී ලෙස ඔවුන්ගේ උරුමය නම් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජාවල්ය.