එසේ ගෘහයේ මුළු මෙහෙයටත් එහි කෙරෙන සියල්ලටත් ඔවුන් ගෘහය බලාගන්න රැකවලුන් කරන්නෙමි.
එහෙත් ඔව්හු මාගේ ශුද්ධස්ථානයෙහි සේවකයෝව ගෘහයේ දොරටුවල රැකවල්ලුව ගෘහයේ සේවකයෝව සිටින්නාහුය. ඔවුන් වනාහි දවන පූජාව සහ යාගය සෙනඟට මරාදෙනවා ඇත, ඔවුන්ට සේවයකිරීමටද ඔවුන් ඉදිරියෙහි සිටිනවා ඇත.
එවිට ඔහු: මේවා ගෘහයේ සේවකයන් විසින් සෙනඟගේ පූජා තම්බන්ට ඕනෑවූ ගෙවල්යයි මට කීවේය.
කූඩාරමේ සියලුම සේවය පිණිස ඔව්හු නුඹට එකතුවී සම්මුඛවීමේ කූඩාරම සම්බන්ධව සේවය කරත්වා. අන්‍යයෙක් නුඹලා ළඟට නොපැමිණේවා.