සත් දවසක් දවස්පතාම පාප පූජාවක් කොට එළුවෙක් පූජාකරන්න. එසේම කැලලක් නැති තරුණ ගොනෙක්ද රැළෙන් බැටළුවෙක්ද ඔව්හු පූජාකරත්වා.
දෙවෙනි දවසේ පාප පූජාවක් පිණිස එළුවන්ගෙන් කැලලක් නැති පිරිමි සතෙක් ගෙනෙන්න; ගොනාගෙන් පූජාසනය පවිත්‍රකළාක්මෙන් එයින් ඒක පවිත්‍ර කරත්වා.
සත් දවසක් ඔව්හු පූජාසනය උදෙසා සමඟිකමක් කොට, ඒක පිරිසිදුකර, ඒක කැපකරත්වා.
නුඹලා සත් දවසක් සම්පූර්ණවන තෙක් එනම් නුඹලාගේ කැපකිරීමේ දවස් සම්පූර්ණවන තෙක් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩින් පිටතට නොයන්න. මක්නිසාද සත් දවසක් නුඹලා කැපකරනු ලබන්නහුය.
නුඹලා නොනස්නා පිණිස සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ රෑ දාවල් සත් දවසක් සිටිමින් ස්වාමීන්වහන්සේගේ නියමය පවත්වන්න. මක්නිසාද එසේ මට අණකර තිබේයයි කීවේය.