එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස නැගෙනහිර දිශාවෙන් එනවා දුටුමි. උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොවද උන්වහන්සේගේ තේජසින් බැබළුණේය.
අන්න, බොහෝ ජනසමූහයන්ගේ ඝෝෂාවක්! මුහුදුවල ඝෝෂාව මෙන් ඔව්හු ඝෝෂාකරති; ජාතීන්ගේ ගර්ජනාවක්ද ඇසෙන්නේය, බොහෝ ජලවල ගර්ජනාව මෙන් ඔව්හු ගර්ජනාකරති.
ඔව්හු එක්කෙනෙක් අනිකෙකුට මොරගසමින්: සේනාවල ස්වාමීන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, මුළු පොළොව උන්වහන්සේගේ තේජසින් පිරී තිබේයයි කීවෝය.
ඔවුන් යන විට, ඔවුන්ගේ පියාපත්වල ශබ්දය බොහෝ ජල ධාරාවන්ගේ ශබ්දය මෙන්ද සර්වපරාක්‍රමයාණන්ගේ හඬ මෙන්ද මට ඇසුණේය, එය සේනාවක ඝෝෂාව මෙන් කෝලාහල ඝෝෂාවක්ය. ඔවුන් හිටින විට තමුන්ගේ පියාපත් පහත්කරගත්තෝය.
වටකර තිබුණු දීප්තිමත්කමේ පෙනීම වර්ෂා දවසක වලාකුළේ තිබෙන දේදුන්නේ පෙනීම මෙන්ය. මේ වනාහි ස්වාමීන්වහන්සේගේ තේජසේ ස්වරූපයේ පෙනීමය. මම එය දුටු කල මුහුණින් වැටුණෙමි, කථාකරන කෙනෙකුගේ හඬ මට ඇසුණේය.
එවිට ස්වාමීන්වහන්සේගේ තේජස කෙරුබ් කෙරෙන් නැගී ගෘහයේ එළිපත්ත මතුයෙහි නැවතුණේය; ගෘහය වලාකුළෙන් පිරුණේය, මළුවද ස්වාමීන්වහන්සේගේ තේජසේ දීප්තියෙන් පිරුණේය.
එකල කෙරුබ්වරු තමුන්ගේ පියාපත් එසෙවුවෝය, රෝදත් ඔවුන් එක්වම තිබුණේය; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස ඔවුන්ට උඩින් තිබුණේය.
ස්වාමීන්වහන්සේගේ තේජස නුවර තුළෙන් නැගී ගොස් නුවරට නැගෙනහිරින් තිබෙන කන්ද උඩ සිටියේය.
එකල මම නැගිට සමභූමියට ගියෙමි. එවිට කෙබාර් ගඟ ළඟදී මා දුටු තේජස මෙන් ස්වාමීන්වහන්සේගේ තේජස එහි තිබෙනවා දුටිමි. මම මුහුණින් වැටුණෙමි.
ස්වාමීන්වහන්සේගේ තේජස නැගෙනහිර දෙසට තිබුණු දොරටුවේ මාර්ගයෙන් ගෘහයට ඇතුල්විය.
ස්වාමීන්වහන්සේ මට කථාකොට: මේ දොරටුව නෑර වසා තිබිය යුතුය, කිසිවෙක් එයින් ඇතුල් නොවන්නේය, මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එයින් ඇතුල්වූසේක; එබැවින් එය වසා තැබිය යුතුය.
එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස එය නැවති තිබුණු ස්ථානය වන කෙරුබ් කෙරෙන් නැගී ගෘහයේ එළිපත්ත ළඟට ගොස්, හණ වස්ත්‍ර හැඳගෙන තමාගේ පැත්තක එල්ලෙන තීන්ත කූඩුවක් ඇතුව සිටිය මනුෂ්‍යයාට මොරගැසීය.
මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන් ස්වාමීන්වහන්සේගේ තේජස දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.
දෙවියන්වහන්සේ තේමාන් සිටද ශුද්ධ තැනන්වහන්සේ පාරාන් කන්දේ සිටද එනසේක. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය වසාගත්තේය, පොළොවද උන්වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරුණේය.
උන්වහන්සේගේ දීප්තිය එළිය මෙන් විය; උන්වහන්සේගේ හස්තයෙන් රශ්මි නික්මුණේය. උන්වහන්සේගේ පරාක්‍රමයද එහි සැඟවී තිබුණේය.
යෙසායා උන්වහන්සේ ගැන කථාකරමින් මේ කාරණා කීවේ උන්වහන්සේගේ මහිමය දුටු නිසාය.
උන්වහන්සේගේ පාද උදුනක ගිනියම්කළ දිලිහෙන පිත්තල මෙන්ය; උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන්ය.
බොහෝ ජල ඝෝෂාව මෙන්ද මහත් ගර්ජනාවක ශබ්දය මෙන්ද ස්වර්ගයෙන් ශබ්දයක් මට ඇසුණේය. මට ඇසුණු ශබ්දය වනාහි තමුන්ගේ වීණාවලින් ගායනා කරන ගායනාකරන්නන්ගේ ශබ්දය මෙන්ය.
ඉන්පසු මහත් බලය ඇතුව වෙන දේවදූතයෙක් ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ තේජසින් පොළොව ආලෝකවිය.
මින්පසු ස්වර්ගයෙහි සිටින මහත් සමූහයකුගේ හඬ මෙන් මහත් හඬක් මට ඇසුණේය. ඔව්හු කථාකොට: හෙලලූයා! ගැළවීමද මහිමයද බලයද අපගේ දෙවියන්වහන්සේට අයිතිය.
එවිට මහත් සමූහයකුගේ හඬ මෙන්ද බොහෝ ජලඝෝෂාවක් මෙන්ද බලවත් ගර්ජනාවල ශබ්දය මෙන්ද හඬක් මට ඇසුණේය. එනම්: සර්වපරාක්‍රමවූ අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රජකම්කරන බැවින්,
ඇගේ ආලෝකය ඉතා අනර්ඝවූ මාණික්‍යයකට සමානය; එනම් පළිඟු මෙන් පැහැදිලිවූ සූර්යකාන්ති ගලක් වාගේය.
දෙවියන්වහන්සේගේ තේජසින් නුවර ආලෝකවූ බැවින්ද බැටළුපැටවාණන් එහි පහන වන බැවින්ද එහි බැබළීමට සූර්යයාවත් චන්ද්‍රයාවත් ඕනෑ නැත.