ඇතුල් මළුවේ විසි රියනට ඉදිරිපිටත් පිට-මළුවේ ගල්-බිම ඉදිරිපිටත් පිට-ශාලාවක් ඉස්සරහ පිට-ශාලාවක් වශයෙන් මහල් තුනක් තිබුණේය.
සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිනි බසිනවාත් ස්වාමීන්වහන්සේගේ තේජස ගෘහය පිට තිබෙනවාත් දැක, ගල් අතුළ බිමට තමුන්ගේ මුහුණු නමා නමස්කාරකොට: මක්නිසාද උන්වහන්සේ යහපතය; උන්වහන්සේ කරුණාව සදාකල් පවත්නේය කියමින් ස්වාමීන්වහන්සේට ස්තුතිකළෝය.
අපේ ගෙයි බාල්ක කිහිරි ගස්ය, අපේ පරාළ දේවදාර ගස්ය.
නුඹේ මතුයෙහි තිබෙන නුඹේ සිරස කර්මෙල් කන්ද මෙන්ය, නුඹේ හිසකේ රත්නිල් කෙඳි මෙන්ය; රජතෙමේ ඒ රොදවලින් වසඟවී සිටියි.
ඒවාටත් මළුවේ කාමරවලටත් අතරේ ගෘහය වටකරින්ම විසි රියනක් පළල ඇති ඉඩමක් තිබුණේය.
මක්නිසාද ඒ ගොඩනැගිල්ලේ පහළ සහ මැද කොට්ඨාසවලින් ඉඩ අසුවුණාට වඩා ඒවායෙන් පිට-ශාලාවලට ඉඩ අසුවිය.