පිට පැත්ත දක්වා කාමරවලට තිබුණු භිත්තියේ පළල පස් රියනක්ය. ගෘහයට තිබුණු කාමර පේළි ඇතුළේ හිස් ඉඩමක් තිබුණේය.
කාමරවල දොරකඩ හිස් ඉඩම දෙසට තිබුණේය, එක දොරකඩක් උතුරු දෙසටත් එක දොරකඩක් දකුණු දෙසටත් තිබුණේය. හිස් ඉඩමේ පළල වටකරම පස් රියනක්ය.
ඔහු ගෘහයේ භිත්තියත් මැන්නේය, ඒක රියන් හයක්ය; වටකරම ගෘහයට තිබුණු කාමරවල පළල රියන් සතරක්ය.
තවද ඔහු උතුරු දෙසට පිට මළුවට මා ගෙනගොස්, වෙන්වූ මළුවටත් උතුරු දෙසට තිබුණු ගොඩනැගිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙවුවේය.
කාමර ඉස්සරහ රියන් දහයක් පළල ඇති මාර්ගයක්ද ඇතුළට යාමට එක රියනක් පළල ඇති පාරක්ද තිබුණේය. ඒවායේ දොරකඩවල් උතුරු දෙසට තිබුණේය. ඉහළ කාමර කොටව තිබුණේය.