එවිට ඔහු ඇතුළට ගොස් දොරකඩ එක එක කණුව මැන්නේය, එය රියන් දෙකක්ය. දොරකඩ රියන් හයක්ය; දොරකඩ පළල රියන් සතක්ය.
ඒ කුඩා මුර-ගෙවලටත් ඒවායේ කණුවලටත් ශාලාවලටත් දොරටුවට ඇතුළෙන් වටකරින් පටු කවුළු තිබුණේය. ඇතුළතිනුත් වටකරම කවුළු තිබුණේය. කණුවලද තල්ගස් (කැටයම්කර) තිබුණේය.
ඔහු ගෘහයේ ශාලාවට මා පමුණුවා, ශාලාවේ කණු එක එක මැන්නේය, එක පැත්තක රියන් පහක්ය, අනික් පැත්තෙහි රියන් පහක්ය. දොරටුවේ පළල එක පැත්තක රියන් තුනක්ය, අනික් පැත්තෙහි රියන් තුනක්ය.
එවිට ඔහු මාළිගාවට මා ගෙනවුත් එහි කණු මැන්නේය, ඒවා එක පැත්තක හරියනක් පළලටද අනික් පැත්තෙහි හරියනක් පළලටද තිබුණේය, එය කූඩාරමේ පළලය.